Header

Sri Lanka Army

Defender of the Nation

22nd February 2020 08:01:36 Hours

ගජබා රෙජිමේන්තු ඉතිහාසයට එක්කරමින් අභිනවයෙන් උසස්වීම් ලැබූ මේජර් ජෙනරාල්වරුන් සය දෙනෙකු යුද්ධ හමුදා උත්තමාචාරයන්ගෙන් පිදුම් ලබති

ගජබා රෙජිමේන්තු ඉතිහාසයේ මෑතකදී සිදුවූ දුර්ලභ සිදුවීමක් වන අභිනවයෙන් මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබූ ගජබා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හයදෙනෙකු වෙත ගෞරවාචාර පිරිනැමීම සඳහා ඉකුත් බ්‍රහස්පතින්දා (20) දින සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තු මූලස්ථානය වෙත ආරාධනා කර තිබිණි.

මෙම අවස්ථාවට ප්‍රථම ගජබා රෙජිමේන්තුවේ සහ විශේෂ බලකායේ රෙජිමේන්තු අධිපති මෙන්ම වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අභිනවයෙන් උසස්වීම් ලැබූ මේජර් ජෙනරාල් ඩබ්ලිව්.එම්.ජේ.ආර්.කේ. සේනාරත්න, මේජර් ජෙනරාල් එන්.ඩි. සෙනරත් නිවුන්හැල්ල, මේජර් ජෙනරාල් එච්.එල්.වී.එම්. ලියනගේ, මේජර් ජෙනරාල් එච්.එම්.ටී.බී. හන්ගිලිපොල, මේජර් ජෙනරාල් එන්.ආර්. ලමාහේවා සහ මේජර් ජෙනරාල් කේ.පී. නුගේගොඩ යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් යුද්ධ හමුදා මූලස්ථානය වෙත ආරාධනා කර සිය සුබ පැතුම් පිරිනමනු ලැබීය.

රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි උසස්වීම් ලැබූ මේජර් ජෙනරාල්වරුන් හයදෙනා රෙජිමේන්තු අධිපතිතුමන් නියෝජනය කරමින් මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් මහින්ද රාජපක්‍ෂ විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල වර්ණවත් කඳවුරු සම්මාන මුර පිරිනමා එම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ආචාර කළහ. පසුව, උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හයදෙනා ගජබා රෙජිමේන්තුවේ පියා ලෙස සැලකෙණ දිවංගත මේජර් ජෙනරාල් විජය විමලරත්න ගේ පිළිරුව අභියස මල් කළඹන් තබා එතුමන්ට උපහාර දැක්වීය. ඉන් අනතුරුව, ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් වර්ණවත් සම්මාන ආචාර පෙළපාලි හයක් උසස්වීම් ලැබූ මේජර් ජෙනරාල්වරුන් හයදෙනා වෙත පිරිනමනු ලැබු අතර පෙර නොවූ විරූ මෙම අවස්ථාව ගජබා රෙජිමේන්තු ඉතිහාසයට කීර්තියක් හා සාඩම්බරයක් ගෙනදීමට සමත්විණි.

සහෝදරත්වයේ ශක්තිමත් බැඳීම් පෙන්වමින්, උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ පැවැති සියලුනිල තේපැන් සංග්‍රහයකින් අනතුරුව එදිනට නියමිත කටයුතු අවසන් විය. මෙම ඵෙතිහාසික උත්සවය සඳහා රෙජිමේන්තු කවුන්සිලයේ සාමාජිකයින්, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, මාණ්ඩලික නිලධාරීන්, අණදෙන නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් එක්වූහ. Running sport media | Saucony Lanzar JAV 2 - Unisex , Worldarchitecturefestival