Header

Sri Lanka Army

Defender of the Nation

21st February 2020 20:00:36 Hours

සැම්බියන් යුද්ධ හමුදාධිපති සුහද සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ සැම්බියන් යුද්ධ හමුදාව අතර පවත්නා ද්වීපාර්ශවික සුහදත්වය, සම්බන්ධතාවය සහ අවබෝධය තවදුරටත් ශක්තිමත් කරමින් සැම්බියන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ඩබ්ලිව්.එම්. සිකාස්වේ පීඑස්සි ඩිඅයිපි (ඩිඑස්එස්) එම්ඒ (ඩිඑස්එස්) (Lieutenant General W.M Sikazwe psc DIP (DSS) MA (DSS) යන ජ්‍යෙෂ්ඨ නිලධාරී සමඟින් හමුදා නියෝජිතයින් 6 දෙනෙකු පස්දින සුහද සංචාරයක් සඳහා අද (21) දින මධ්‍යහනේ දිවයිනට පැමිණියහ.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල පරිශ්‍රය වෙත සපැමිණි සැම්බියානු යුද්ධ හමුදාධිපතිතුමන් ඇතුළු නියෝජිත පිරිස එම ගුවන්තොටුපල පරිශ්‍රයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ සහ 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත සේනාරත්න මෙන්ම මෙම සංචාරයේ ප්‍රධාන සම්බන්ධිකරණ නිලධාරී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංස්කෘතික හා සාම්ප්‍රදායික නර්ථන ශිල්පින්ගේ නර්ථන අංගයන් මධ්‍යයේ නියෝජිත පිරිස රතු පලස් මතින් කැටුව යන ලදී. සැම්බියානු යුද්ධ හමුදාධිතිතුමන් කොළඹට පැමිණිමට ප්‍රථම ගුවන් තොටුපලේ පිහිටි විශේෂ මැදිරියේදී මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ සහ මේජර් ජෙනරාල් ප්‍රියන්ත සේනාරත්න සමඟ සුහදව අදහස් හුවමාරු කරගත්හ.

එතුමන්ගේ නියෝජිත පිරිසට ඉන්දියාවේ, නවදිල්ලියේ පිහිටි සැම්බියානු මහා කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක බ්‍රිගේඩියර් ජෙනරාල් සිමුසන්දු (Brigadier General Simusandu), පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල් බ්‍රිගේඩියර් ජෙනරාල් ජී. නැග්ඇන්ඩ්වේ (Brigadier General G Ng’andwe), ප්‍රතිපත්ති හා උපාය මාර්ග නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල්, කර්නල් ලෙනාඩ් පීටර් ඩකා (Colonel Leonard Peter Daka), සැම්බියා ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ අධ්‍යක්‍ෂ, කර්නල් ජෙත්‍රෝ චිපිලි (Colonel Jethrow Chipili), ආරක්‍ෂක විද්‍යාලයේ ප්‍රධාන උපදේශක, කර්නල් ටී. බණ්ඩා (Colonel T Banda), විශේෂ බලකා පුහුණු පාසලේ සේනාවිධායක ලුතිනන් කර්නල් එම් ෂප්වායා (Lieutenant Colonel M Shapwaya) සහ හමුදාධිපති අධිසහයක කපිතන් එම්. මුලෙන්ගා (Captain M Mulenga) යන නිලධාරීන් ඇතුලත් වූහ.

සැම්බියානු යුද්ධ හමුදාධිපතිතුමන් මෙම සංචාරය අතරතුරදී අතිගරු ජනාධිපතිතුමන්, අග්‍රාමාත්‍යතුමන්, ආරක්‍ෂක ලේකම්, වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති සහ ගුවන් හමුදාධිපති හමුවීමට නියමිත අතර ජයවර්ධනපුර යුද්ධ හමුදා ස්මාරකයට පුෂ්පෝපහාර පුද කිරීමෙන් අනතුරුව යුද්ධ හමුදා මුලස්ථාය, සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය, යුද්ධ හමුදා විද්‍යාපීඨය, නාවික හමුදා විද්‍යාපීඨය ඇතුළු තවත් වැදගත් ස්ථාන කිහිපයක සංචාර කිරීමට නියමිතව ඇත.

නියෝජිත පිරිස පිළිගැනීමේ අවස්ථාව සඳහා 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත සේනාරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගි වූහ. Buy Sneakers | Nike - Sportswear - Nike Tracksuits, Jackets & Trainers