Header

Sri Lanka Army

Defender of the Nation

20th February 2020 11:39:24 Hours

විශ්‍රාම යාමට නියමිත ප්‍රධාන සංඥා නිලධාරී යුද්ධ හමුදාධිපතිතුමන් හමුවේ

විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ වටිනා සේවය ඇගයුමට ලක් කරමින් වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා බ්‍රහස්පතින්දා (20) දින නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන ප්‍රධාන සංඥා නිලධාරී මේජර් ජෙනරාල් නිලන්ත හෙට්ටිආරච්චි යුද්ධ හමුදාධිපති කාර්යාලය වෙත ආරාධනා කර එතුමන්ගේ වටිනා සේවය ඇගයුමට ලක් කළේය.

යුද්ධ හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරී සමඟ පැවැති හමුවේදී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අතීත මතකයන් සිහිපත් කළ අතර දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් කළ සේවය පිළිබඳව විශ්‍රාමික මේජර් ජෙනරාල් හෙට්ටිආරච්චි සමඟ යුද්ධ හමුදාධිපතිතුමන් සුහදව අදහස් හුවමාරු කරගත්හ. යුද්ධ හමුදාධිපතිතුමන් එම ජ්‍යෙෂ්ඨ නිලධාරී තම සේවා කාලය තුළ දැක්වූ දායකත්වය මෙන්ම යුද්ධ හමුදාවේ තාක්‍ෂණික අංශ වැඩිදියුණු කිරීම සඳහා එතුමන් කළ කැපවූ සේවය මෙහිදී විශේෂයෙන් සඳහන් කළේය.

යුද්ධ හමුදාධිපතිතුමන් නික්මයන ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත උණුසුම් සුභ පැතුම් හා ස්තූතිය පුද කළ අතර අගය කිරීම හා ප්‍රශංසාව සංකේතවත් කරමින් විශේෂ සිහිවටනයක් ප්‍රදානය කරන ලදී.

ශ්‍රී ලංකා සංඥා බලකායේ මේජර් ජෙනරාල් නිලන්ත හෙට්ටිආරච්චි සිය සේවා කාලය තුළ සිය බලකායේ සහ යුද්ධ හමුදාවේ අණ හා මාණ්ඩලික තනතුරු රැසක් හොබවා ඇත. Running sport media | Nike SB