Header

Sri Lanka Army

Defender of the Nation

05th February 2020 13:39:50 Hours

රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බලකා මූලස්ථානයේදී උණුසුම් අයුරින් පිළිගනී

රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී ඔලෙග් සල්යුකෝව් (Oleg Salyukov) සිය ශ්‍රී ලංකා සංචාරයේ අවසන් අධියර ලෙස ඉකුත් බදාදා (5) දින කොළඹ 15 පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බලකා මූලස්ථානය වෙත සපැමිණි අතර එහිදී, එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියකින් ගෞරවාචාරය පුද කරනු ලැබීය‍.

ගෞරව සම්මාන ආචාර පෙළපාළිය නිමාවීමෙන් පසු, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බලකායේ රෙජිමේන්තු අධිපති මෙන්ම යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ විසින් එම අවස්ථාවට සපැමිණ රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී උණුසුම් අයරින් පිළිගෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බලකා කර්නල් සේනාවිධායක කාර්යාලය වෙත පැමිණෙන ලෙසට ආරාධනා කර තිබිණි.

ඉන් අනතුරුව මේජර් ජෙනරාල් ලියනගේ විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බලකා සම්මන්ත්‍රණ ශාලාවේදී පිළිගැනීමේ දේශනය සිදු කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බළකායේ වර්තමාන කාර්යභාරය සහ කර්තව්‍යයන් පිළිබඳ කෙටි හැඳින්වීමක් රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී වෙත ඉදිරිපත් කරන ලදී.

මෙම සුහද හමුව අවසානයේ රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානි සහ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි අතර අන්‍යෝන්‍ය සුහදතාවයේ සංකේතයක් ලෙස විශේෂ සමරු තිළිණ හුවමාරුවක් සිදු විය. අනතුරුව එතුමන් විසින් එම අවස්ථාව සනිටුහන් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බළකා මූලස්ථාන සමරු සටහන් පොතේ සමරු සටහනක් ද තබන ලදී.

මෙම අවස්ථාවට සහභාගී වූ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරින් සමඟින් සමූහ ඡායාරූපයකට පෙනීසිටිමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බලකා මූලස්ථානය තුළ රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානිතුමන් සිදු කළ සංචාරය නිමාවට පත්විය. Nike air jordan Sneakers | Buy online Sneaker for Men