Header

Sri Lanka Army

Defender of the Nation

05th February 2020 13:26:32 Hours

රුසියානු ජනරජ භූම් මෙහෙයුම් ප්‍රධානි, නාවික හමුදාපති හමුවේ

වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේඇරයුමක් පරිදි ශ්‍රී ලංකාවේ පස්දින සංචාරයක නිරත වන රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී ඔලෙග් සල්යුකෝව් (Oleg Salyukov) බදාදා (5) දින නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවිය.

නාවික හමුදා මූලස්ථානය වෙත සපැමිණි වෙත සපැමිණි රුසියානු හමුදා ප්‍රධානි වෙත එම මූලස්ථානයේදී නාවික හමුදාධිපතිතුමන්ගේ මූලිකත්වයෙන් නාවික හමුදා භටපිරිස් විසින් ගෞරවාන්විත සම්මාන ආචාර මුරයක් පිරනමනු ලැබීය.

නාවික හමුදාධිපති සහ රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී අතර පැවති සුහද හමුවේදී ද්වීපාර්ශ්වික ක්‍රියාකාරකම් පිළිබඳ සිහිපත් කිරීම මෙන්ම කලාපීය හා ජාතික ආරක්‍ෂාව සම්බන්ධ කරුණු ආදි මාතෘකා රාශියක් සාකච්ඡාවට බදුන් විය.

මෙම සුහද හමුව අවසානයේ දී දෙපාර්ශවය අතර සමරු සිහිවටන හුවමාරු කරගනු ලැබූ අතර නාවික හමුදා මූලස්ථානයෙන් පිටත්ව යාමට ප්‍රථම රුසියානු හමුදා ප්‍රධානි නාවික හමුදා මූලස්ථාන විශේෂිත අමුත්තන් සඳහා වු සමරු සටහන් පොතෙහි සමරු සටහනක් තැබීමට ද අමතක නොකළේය. Running sports | Nike