10th October 2019 19:22:37 Hours
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (10) දින 70 වන යුද්ධ හමුදා සංවත්සරය සනිටුහන් කරමින් ගාලු මුවදොර පිටියේදී පැවති උත්සවයේ ප්‍රධාන අංගය අවසන් වීමෙන් මිනිත්තු කිහිපයකට පසු යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉදිරියේ විශේෂ මුද්දරයක් සහ මුල් දින කවරයක් එළි දක්වනු ලැබීය.
තැපැල් මාස්ටර් ජෙනරාල් රංජිත් ආරියරත්න මහතා, නියෝජ්‍ය තැපැල්පති ජෙනරාල් ඩී.ඒ.ආර්.කේ. රණසිංහ (මෙහෙයුම්) ඇතුළු එහි කාර්ය මණ්ඩලය විසින් කොළඹ හිල්ටන් හෝටලයේ පිහිනුම් තටාකාංගනය අභියස දී යුද්ධ හමුදා සංවත්සරයෙහි මුල් දින කවරය මුද්‍රණය කර විධිමත්ව මහජනයා වෙත මුදාහරිනු ලැබිණි.
මෙම අවස්ථාවෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ට ප්‍රථමයෙන්ම මුල් දින කවරය පිළිගැන්වීමෙන් අනතුරුව ආරක්‍ෂක අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් අනුරාධ විජේකෝන් මහතා හට ද පිළිගැන්වනු ලැබීය. දෙවනුව, යුද්ධ හමුදාධිපතිතුමන් තවත් සුවිශේෂී වූ ආදර්ශයක් තබමින් ප්‍රවීණයන් හට නිසි ගෞරව දැක්වීම අරමුණු කොටගෙන හිටපු යුද්ධ හමුදාධිපතිවරුන් වන ජෙනරාල් ජෙරී සිල්වා, ජෙනරාල් දයා රත්නායක සහ තවත් ප්‍රවීණයින් කිහිප දෙනෙකු හට තැපැල් මාස්ටර් ජෙනරාල්තුමාගෙන් එම මුල් දින කවරය ලබාගැනීමට ආරාධනා කරනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ප්‍රධාන මාණ්ඩලික නිලධාරි මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ, විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් අතුල කොඩිප්පිලි ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගී විය.url clone | Nike, adidas, Converse & More