Header

Sri Lanka Army

Defender of the Nation

08th October 2019 12:07:15 Hours

ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලස්ථානයේදී යුද්ධ හමුදාධිපතිතුමන්ව ගෞරවපුර්වකව පිළිගනී

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිය ධුරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් හමුවීම සඳහා අද (7) දින උදෑසන ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලස්ථානයේ සිදු කළ සිය ප්‍රථම නිළ සංචාරයේදී යුද්ධ හමුදාධිපතිතුමන්ව ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ගුවන් හමුදා මුලස්ථානය වෙත යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සම්ප්‍රාප්තියෙන් අනතුරුව උත්සව කටයුතු ආරම්භ විය. ගුවන් හමුදා මුලස්ථානය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව කොළඹ ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී එයාර් වයිස් මාර්ෂල් කැමිලියස් ලැබ්රෝයි ඇතුළු ගුවන් හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල වර්ණවත් සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිරිනමන ලදී.

එහිදී, හමුදා ප්‍රධානීන් දෙදෙනා අතර පැවති සුහද හමුවේදී, සමීප සහයෝගීතාව සහ ද්විපාර්ශ්වික අවබෝධය තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් සාකච්ඡා කෙරිණි. ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වන්නි මෙහෙයුම්වලදී ලැබූ අත්දැකීම් සහ ත්‍රස්තවාදය පරාජය කිරීමේ සාර්ථක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව දැක්වූ දායකත්වය පිළිබඳව කෘතඥතාවයෙන් යුතුව මෙහිදී සිහිපත් කළේය.

මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින් පිරිසක් ද සහභාගී වූහ.

මෙම සුහද හමුව අවසානයේ, හමුදා ප්‍රධානීන් දෙදෙනා අතර සංකේතාත්මක සමරුතිළිණ හුවමාරුවක් සිදුවිය. ගුවන් හමුදා මුලස්ථානය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් නික්මයෑමට ප්‍රථම ගුවන් හමුදාධිපති කාර්යාලයේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි සමරුසටහනක් තැබීය. bridge media | Nike Shoes