Header

Sri Lanka Army

Defender of the Nation

07th September 2019 17:13:03 Hours

නව යුද්ධ හමුදාධිපතිතුමන්ට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානීගෙන් සුබපැතුම්

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අද (06) දින උදෑසන බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ පැවැති විධිමත් උත්සවයකදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර සී. විජේගුණරත්න හමුවිය.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු ඇතුළු නාවික හා ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මෙම සුහද හමුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 23 වන යුද්ධ හමුදාධිපති ලෙස ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නව ධූරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සමඟ කළ පළමු නිල හමුවයි.

මෙම සුහද හමුවේදී, අද්මිරාල් රවින්ද්‍ර සී. විජේගුණරත්න නව යුද්ධ හමුදාධිපතිතුමන්ට සිය සුබ පැතුම් එක් කළ අතර රටේ ආරක්‍ෂක වැදගත්කම පිළිබඳ කරුණු සාකච්ඡා කළේය. සුහද හමුව අවසානයේ මෙම අවස්ථාව සංකේතවත් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

යුද්ධ හමුදාධිපතිතුමන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයෙන් නික්මයාමට පෙර, විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි සමරු සටහනක් තැබීය. Running sport media | Nike Shoes