Header

Sri Lanka Army

Defender of the Nation

05th September 2019 11:18:58 Hours

අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික දියකාවා යුද අභ්‍යාස මෙහෙයුම් මූලස්ථානයේ සංචාරයක

‘දියකාවා යුද අභ්‍යාසය අදියර X’ ඒකාබද්ධ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය ආරම්භ කර තෙවන දිනය වන බ්‍රහස්පතින්දා (05) දින යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් ඒ.එම්.ආර්. ධර්මසිරි මින්නේරියේ පිහිටි දියකාවා යුද අභ්‍යාස මෙහෙයුම් මූලස්ථානයේ සංචාරයක නිරතවිය.

මෙහෙයුම් මූලස්ථානය ඇතුලත සංචාරය කළ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික වෙත ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීම සහ අනෙකුත් මෙහෙයුම් ක්‍රම පිළිබඳව කෙටි විස්තරයක් ඉදිරිපත් කරනු ලැබීය.

මෙහෙයුම් මූලස්ථානය වෙත සපැමිණි අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික, නියෝජ්‍ය අභ්‍යාස අධ්‍යක්‍ෂ බ්‍රිගේඩිබර් සුජිව සෙනරත් යාපා විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ. Sports Shoes | Archives des Sneakers