Header

Sri Lanka Army

Defender of the Nation

04th September 2019 12:03:27 Hours

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යතුමන් නව යුද්ධ හමුදාධිපතිතුමන්ට සුභපැතුම් පිරිනමයි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිය ධූරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව අද (3) දින උදෑසන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ දී ගරු රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා හමුවිය.

මෙම සුහද හමුවේදී, රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන නව යුද්ධ හමුදාධිපතිතුමන්ට සිය සුභපැතුම් ඒක් කළ අතර යුද්ධ හමුදාධිපති ධූරයේ රාජකාරී ඉටු කිරීම සඳහා එතුමන් උපරිම සහයෝගය ලබාදෙන බවට එහිදි සහතික විය.

මෙම සුහද හමුව අවසානයේ, යුද්ධ හමුදාධිපතිතුමන් සුහදත්වයේ සංකේතයක් ලෙස ගරු රාජ්‍ය ආරක්ෂක අමාත්‍යතුමන්ට සමරු තිළිණයක් ප්‍රදානය කළේය. bridge media | Nike Running