Header

Sri Lanka Army

Defender of the Nation

29th August 2019 08:48:23 Hours

56 වන අන්තර් රෙජිමේන්තු මළල ක්‍රීඩා ශූරතාවලිය සාර්ථකව අවසන් වෙයි

56 වන ‘යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මළල ක්‍රීඩා ශූරතාවලිය - 2019’, වසරේ දැවැන්තම ක්‍රීඩා ඉසව්ව ලෙස යුද්ධ හමුදා ක්‍රීඩාලෝලීන් අතර ඉමහත් උද්යෝගයක් ඇති කරමින් අද (28) දින සන්ධ්‍යාවේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී උත්සවාකාරයෙන් අවසන් විය.

යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුවේ ආරාධනයකට අනුව, මෙම අවස්ථාව ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී විය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව, යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුවේ සභාපති මෙන්ම බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ප්‍රධාන පීඨිකාව වෙත කැටුව යන ලදී.  

ජාත්‍යන්තර මළල ක්‍රීඩා තරඟාවලියන් හිදී විශීෂ්ඨ දස්කම් පා රන්, රිදී සහ ලෝකඩ පදක්කම් හිමි කරගනීමින් දේශයට අභීමානයක් අත්කරදුන් යුද්ධ හමුදාවෙන් බිහිවු කීර්තිමත් මළල ක්‍රීඩකයින් 20 කට වැඩි පිරිසක් ශ්‍රී ලාංකීය තවත් මළල ක්‍රීඩකයින් පිරිසක් ද මෙවර යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මළල ක්‍රීඩා තරඟාවලිය නැරඹීමට පැමිණ සිටියහ.

මෙම වාර්ෂික මලල ක්‍රීඩා තරඟාවලියේ දී, යුද්ධ හමුදාවේ සියලුම රෙජිමේන්තු නියෝජනය කරමින් තරුණ හා පළපුරුදු යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 800 ක් පමණ සිය දක්ෂතා ප්‍රදර්ශනය කරන ලදි. දින 3 ක් පුරා පැවති මෙම මළල ක්‍රීඩා තරඟාවලිය ජවන හා පිටිය ඉසව් රැසකින් සමන්විත වූ අතර ඉකුත් සඳුදා (26) දින කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.

1950 දී යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුව ආරම්භයත් සමඟම ලුතිනන් ඩන්කන් වයිට් (Lieutenant Duncan White) විසින් ශ්‍රී ලංකාවට ප්‍රථමවම ඔලිම්පික් පදක්කම හිමිකර දුන් අතර, ජාත්‍යන්තර මළල ක්‍රීඩා තරඟාවලි, ඔලිම්පික්, පොදු රාජ්‍ය මණ්ඩලිය ක්‍රීඩා තරඟාවලි, අසියානු ක්‍රීඩා උළෙල, දකුණු ආසියානු ක්‍රීඩා තරඟාවලිය, ලෝක ආරක්ෂක සේවා මළල ක්‍රීඩා තරඟාවලියන් හිදී ජයග්‍රහණයන් ලබා රන් පදක්කම්, රිදී පදක්කම් සහ ලෝකඩ පදක්කම් රැසක් වාර්තාගත ලෙස හිමි කරදීමට යුද්ධ හමුදාව සමත් වී ඇති අතර, ශ්‍රී ලංකාවේ කිසිදු ආයතනයක් තනිව මෙවන් දක්ෂතාවයක් පෙන්වා නොමැත.   

ප්‍රධාන ආරාධිත අමුත්තා, යුද්ධ හමුදා මළල ක්‍රීඩා තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත සුභපැතුම් එක් කරමින් ඔවුන්ට කුසලාන සහ පදක්කම් ප්‍රදානය කරනු ලැබීය.

මෙම සමාප්ති උත්සවය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා, බටහිර ආරක්ෂක සේනා ආඥාපති මෙන්ම යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මික මුතුගල මහතා ඇතුළු යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුවේ සාමාජිකයින් සහභාගි වූහ.

මෙම තරඟාවලියේදී යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව ජාතික වාර්ථා 04 ක්, නව අන්තර් රෙජිමේන්තු මළල ක්‍රීඩා වාර්තා 21ක් සහ නව යුද්ධ හමුදා මළල ක්‍රීඩා වාර්ථා 05 ක් පිහිටුවන ලදී. Nike Sneakers | adidas Yeezy Boost 350