Header

Sri Lanka Army

Defender of the Nation

24th June 2019 20:47:19 Hours

රාගම රණවිරු සෙවනේ කෘතීම අත් පා නිෂ්පාදන කටයුතු පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා නිරීක්‍ෂණය කරයි

සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ඉකුත් (24) දින රාගම ‘රණවිරු සෙවන’ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සංචාරයක නිරතවූ අතර එහිදි, සුවතා නිකේතනයේ කෘතීම අත් පා නිෂ්පාදන කටයුතු පිලිබඳව ද එතුමන්ගේ නිරීක්‍ෂණයට ලක්විය. මෙහිදි, විවිධ ප්‍රමාණයේ කෘතිම අත් පා නිෂ්පාදනය කිරීම සඳහා මිනුම්වලට ගැලපෙන පරිදි අමුද්‍රව්‍ය හා රසායනික ද්‍රව්‍ය සුසංයෝග කරන ආකාරය පිළිබඳව නිලධාරියෙකු විසින් සිදුකරන ලද ඉදිරිපත් කිරීමක් තුලින් අමාත්‍යවරයා වෙත පැහැදිලි කරන ලදී.

රණවිරු සෙවණ වෙත සපැමිණි අමාත්‍යවරයාව, යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සංජිව මුණසිංහ, පූනරුත්ථාපන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ශාන්ත රාජකරුණා සහ රණවිරු සෙවණේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඩි.බි.පී. කාරියවසම් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

මෙම අවස්ථාව සංකේතවත් කරමින් අමාත්‍යවරයා වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කළ අතර අමාත්‍යවරයා රණවිරු සෙවණ පරිශ්‍රයෙන් නික්මයාමට පෙර විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි සමරු සටහනක් ද තැබීය. Running Sneakers | Nike