Header

Sri Lanka Army

Defender of the Nation

13th June 2019 16:31:55 Hours

ඉරාන තානාපති යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

කොළඹ පිහිටි ඉරාන ඉස්ලාම් ජනරජයේ ගරු තානාපති මොහොමඩ් සයරි අමිරානි මහතා ඉකුත් බ්‍රහස්පතින්දා (13) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

මෙම සුහද හමුවේ දී, වර්තමාන ආරක්ෂක තත්ත්වය, සංහිඳියා කටයුතු සහ දෙරට අතර පවත්නා දිගුකාලීන සබඳතා, සුහදත්වය සහ සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ වැදගත්කම පිළිබඳව අදහස් හුවමාරු කරගැණිනි.

මෙම සුහද හමුව සඳහා කොළඹ පිහිටි ඉරාන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් මන්සූර් චාමර පීරා ද (Captain Mansour Chaman Pira) සහභාගි විය.

යුද්ධ හමුදාධිපති කාර්යාලයෙන් නික්මයාමට ප්‍රථම, ඉරාන තානාපතිතුමන්ට සහ ආරක්‍ෂක උපදේශක තුමන්ට යුද්ධ හමුදාධිපතිතුමන් විසින් සමරු තිළිණ ප්‍රදානය කරන ලදි.

යුද්ධ හමුදාධිපති කාර්යාලය වෙත සපැමිණි නියෝජිතයින් යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී මේජර් ජෙනරාල් ඒ.එම්.ආර්. ධර්මසිරි විසින් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.Sport media | Nike Shoes, Sneakers & Accessories