Header

Sri Lanka Army

Defender of the Nation

11th June 2019 17:59:10 Hours

ඉන්දුනිසියා ආරක්‍ෂක උපදේශක යුද්ධ හමුදාධිපති හමුවෙයි

නවදිල්ලී පිහිටි ඉන්දුනිසියානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතන් අසි යසින් යමූර් ප්‍රබාධි (Captain Asdi Yasin Yamaur Pribadi) ශ්‍රී ලංකාවේ සිදුකල සංචාරයක් අතරතුර අඟහරුවාදා (11) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

ඉන්දුනිසියානු ආරක්‍ෂක උපදේශක කපිතන් අසි යසින් යමූර් ප්‍රබාධි (Captain Asdi Yasin Yamaur Pribadi) යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ පැවැති සුහද හමුවේදී, ද්විපාර්ශවික ගැටළු සහ මෑතකාලයේ ඇතිවූ කලහකාරී තත්ත්වය පිළිබඳව අදහස් හුවමාරු කරගනු ලැබීය. මෙම සාකච්ඡාව අවසානයේ සංකේතාත්මක සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

කපිතන් අසි යසින් යමූර් ප්‍රබාධි (Captain Asdi Yasin Yamaur Pribadi) ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී, නාවික හමුදාධිපති සහ ගුවන් හමුදාධිපති හමුවිමට නියමිතය. මෙම සුහද හමුව සඳහා ඉන්දුනීසියානු නිලධාරියෙක් ද සහභාගි විය. Running Sneakers | UOMO, SCARPE