Header

Sri Lanka Army

Defender of the Nation

29th April 2019 20:31:01 Hours

ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එක්ව කටයුතු කරයි - මාධ්‍ය ප්‍රකාශකවරු

“මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මක වන මෙහෙයුම් සහ සෝදිසි කිරීම් වලට අදාලව ත්‍රස්තවාදී සැකකරුවන්, ඔවුන්ගේ ජාලයන් මෙන්ම ප්‍රචන්ඩ ක්‍රියාවන් හෝ සැක කටයුතු ව්‍යාපාරයන් පිළිබඳ තොරතුරු දන්නා ඕනෑම පුරවැසියෙකුටම එම තොරතුරු ආරක්‍ෂක අංශයන්හී සාමාජිකයන් වෙත ලබා දීමේ හැකියාව ඇත. යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ලබා දුන් මාර්ගෝපදේශ මත සහින්දමරුදු ක්‍රියාන්විතයේදී පෙන්නුම් කෙරුනු පරිදි සමස්ත අන්තවාදී සහ ත්‍රස්තවාදී ජාලය අවසන් කරන තුරුම මෙම මෙහෙයුම් අඛණ්ඩව පවතිනු ඇත.” යනුවෙන් යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු විසින් කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කරනු ලැබිනි. මෙම මාධ්‍ය හමුව නාවික, ගුවන් හමුදා සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරුන්ගේ ද සහයෝගයෙන් පැවැත්වෙනු ලැබිනි.

“ ආරක්‍ෂක සේනා මූලස්ථාන 07 හි සියළු භටපිරිස් බුද්ධි අංශ තොරතුරු මෙන්ම විශාල වශයෙන් මහජනතාව විසින් සපයනු ලබන තොරතුරු පදනම් කරගනිමින් සෝදිසි මෙහෙයුම් ක්‍රියාන්විතයන්හී නිරත වනු ලබයි. සෝදිසි කිරීමේ ක්‍රියාන්විත වලදී අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් මෙන්ම යුද උපකරණ, පුපුරණ ද්‍රව්‍ය සහ වැඩි දියුණු කරන ලද පුපුරණ ද්‍රව්‍ය හදීසි නීති රෙගුලාසි යටතේ ආසන්නතම පොලිස් ස්ථානයන් වෙත භාරදෙනු ලැබේ. ” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලැබිනි.

සියළු පුරවැසියන් සමාජ මාධ්‍ය ජාලයන් තුල පැතිර යන ව්‍යාජ තොරතුරු සහ කටකතා හේතුවෙන් තුපිත නොවී ආරක්‍ෂක අංශ සමගින් සහයෝගයෙන් කටයුතු කරන ලෙස හා ආරක්‍ෂක අංශ විසින් සිදුකරනු ලබන පරීක්‍ෂණ සඳහා විශ්වසනීය තොරතුරු සපයන ලෙස බ්‍රිගේඩියර් අතපත්තු විසින් මහජනතාවගෙන් ඉල්ලා සිටියි. මීට දශක කිහිපයකට පෙර පැවති එල්ටීටීඊ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සඳහා සන්නද්ධ බලකායන් දිවිහිමියෙන් කටයුතු කල අතර ජාතිය වෙනුවෙන් ඔවුන්ගේ වගකීමක් වන මෙම ඉස්ලාම් ත්‍රස්තවාදය ද අතුගා දැමීමේ වගකීම ඉටු කිරීම ඔවුන්ගේ අධිෂ්ඨානය වනු ඇත.

මේ වන විට අන්තවාදී සැකකරුවන් 59 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසා සිටියේය. එම සැකකරුවන් අතරින් කාන්තාවන් 7 දෙනෙකු ඇතුළු 44 දෙනෙකු අපරාධ පරීක්ෂණ කොට්ඨාශයේ සහ කාන්තාවන් 2 නෙකු ඇතුළු 15 දෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ රඳවාගෙන ප්‍රශ්ණ කිරීම් සිදු කරනු ලබයි. මෙම සැකකරුවන්ගෙන් 7 දෙනෙකු දෙහිවල සත්වෝද්‍යානය ආසන්නයේ ‘Tropical Inn’ හෝටලයේ පිපිරීම සඳහා සම්බන්ධ වී ඇත. එසේම පසුගිය දිනවල ජනතාව අතර ප්‍රචාරය කරනු ලැබූ කොළඹ හා අනෙකුත් ස්ථානවලට එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරයන්ට සම්බන්ධ වූ පුද්ගලයින් හයදෙනා මාවනැල්ල ප්‍රදේශයෙන් එක් කාන්තාවක් ද ඇතුළුව මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර වැඩි දුරටත් කියා සිටියේ මුස්ලිම් ප්‍රජාව සාමකාමී සාමාජිකයින් වන අතර ඔවුන් සන්නද්ධ හමුදා වෙත අදාල සැක කටයුතු පුද්ගලයින් සහ ව්‍යාපාර පිළිබඳ තොරතුරු සැපයීම සඳහා උද්යෝගීමත් වන බවත් එය චවලකඩේ සහ සහින්දමරුදු ක්‍රියාන්විතයන්හීදී මැනවින් ඔප්පු වූ බවයි.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර ප්‍රකාශ කරනු ලැබුවේ යාපනය සහ කොළඹ ප්‍රදේශයන්හී නාවික හමුදා භටපිරිස් විසින් සිදු කරන ලද පරීක්‍ෂණ වලින් CD තැටි තොගයක්, ඉස්ලාම් අන්තවාදය හා සබැඳි පොත්පත් තොගයක්, අන්තවාදී සැකකරුවන් තිදෙනෙක් සහ ව්‍යාජ ජාතික හැඳුනුම්පත් සොයාගත් බවයි. එසේම නාවික හමුදා භටපිරිස් පැය 24 පුරාවටම සෝදිසි මෙහෙයුම් වල නිරත වන අතර තවත් එක් සෝදිසි කිරීමකදී සැක සහිත එක් යතුරුපැදියක් සහ මෝටර් රථයක් සමග සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ඔහු වැඩි දුරටත් පවසා සිටියහ.  

ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න විසින් ප්‍රකාශ කරනු ලැබුවේ සිය දායකත්වයෙන් යුතුව පසුගිය පැය 24 පුරාවටම කරනු ලැබූ සෝදිසි කිරීම් වලදී ඒකල, රද්දොළුගම, වැලිමඩ, දියතලාව සහ රාගම යන ප්‍රදේශයන්වලදී ‘ISIS’ වීඩියෝ සමඟින් සැකකරුවන් 5 දෙනෙක් මෙන්ම තුවක්කු, ජංගම දුරකථන තොගයක් සහ තවත් යුධෝපකරණ තොගයක් නිවාස 28 කට වැඩි ප්‍රමාණයකදී සොයාගනු ලැබූ බවයි.

එසේම, ගුවන් හමුදා භටපිරිස් විසින් පසුගිය සඳුදා (29) දින එම සැකකරුවන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබිනි. මීට අමතරව, කොළඹ සහ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලවල් සඳහා ගුවන් හමුදාව විසින් ආරක්‍ෂාව සපයන බවද ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න වැඩි දුරටත් ප්‍රකාශ කරනු ලැබිනි. Nike footwear | Air Jordan XXX1 31 Colors, Release Dates, Photos , Gov