Header

Sri Lanka Army

Defender of the Nation

29th April 2019 17:25:51 Hours

නව ආරක්‍ෂක ලේකම් ධූරය සඳහා විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ පත්විය.

සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් සදුදා (29) දින සන්ධ්‍යාවේ නව ආරක්‍ෂක ලේකම් ධූරය සඳහා විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා පත්කළ ඇති අතර එම තනතුරට අදාළ පත්වීම් ලිපිය ඔහු විසින් භාරගන්නා ලදි.

විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාබල හමුදාවට අනුයුක්තව සේවය කළ අතර, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 17 වන යුද්ධ හමුදාධිපති ලෙස 2004 ජූලී මස 1 වන දින සිට 2005 දෙසැම්බර් මස 5 වන දින දක්වා රාජකාරීන් සිදු කළ අතර වසර 36 නොකැලැල් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කිරිමෙන් අනතුරුව විශ්‍රාම යන ලදී.

විශ්‍රාමික මේජර් ජෙනරාල් කෝට්ටේගොඩ, එතුමන්ගේ කීර්තීමත් යුද්ධ හමුදා සේවා කාලය තුළ යුද්ධ හමුදා මූලස්ථානයේ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුර මෙන්ම ප්‍රධාන තනතුරු කිහිපයක් හා නැගෙනහිර ප්‍රදේශයේ ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ අණදෙන නිලධාරී වශයෙන්ද රාජකාරී කළ අතර, 2004 ජූලි මස 1 වන දින සිට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුද්ධ හමුදාධිපති ලෙස පත්වී ගෞරවනීය සේවයක් ඉටු කරන ලද ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරී වරයෙකි.

විශ්‍රාමික මේජර් ජෙනරාල් කෝට්ටෙගොඩ එතුමන්ගේ නිහතමානී බව හා කැපවීම නිසා යුද්ධ හමුදාව තුළ බොහෝ පිරිසකගේ ගෞරවාදරයට පාත්‍ර වූ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු විය.

නව පත්වීම දැරීමට ප්‍රථම මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ කීර්තීමත් යුද්ධ හමුදා ජීවිතය තුළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුද්ධ හමුදාධිපති තනතුර, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන තනතුර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ සේනාවිධායක, අධ්‍යක්‍ෂ ජෙනරාල් මාණ්ඩලික ප්‍රධානි , ශ්‍රි ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක, යුද්ධ හමුදා මූලස්ථානයේ පාබල අධ්‍යක්‍ෂ ලෙසද කටයුතු කරන ලදි. පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් පුහුණූ, බුද්ධි අංශ අධ්‍යක්‍ෂ, රත්නපුරයේ ස්ථාපිත 11 වන බළසේනාවේ බළසේනාංකාධිපති, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය සේනාවිධායක, ජාතික බුද්ධ අංශ කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ, ආරක්‍ෂක අමාත්‍යංශ මෙහෙයුම් මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී, කළුතර සහ මුලතිව් දිස්ත්‍රික්කයන්හි සම්බන්ධීකරණ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී, 4 වන ශ්‍රී ලංකා පාබල හමුදා බළඇණියේ අණදෙන නිලධාරී, පළමු වන ශ්‍රි ලංකා පාබල හමුදා බළඇණියේ විධායක නිලධාරී, මාණ්ඩලික නිලධාරී II තනතුරුද හොඹවා ඇත.

උතුරු හා නැගෙනහිර යුද සමයේ අතිශය තීරණාත්මක සන්ධිස්ථානයන්හිදී මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ආඥාපති, පොම්පෙමඩු පිහිටා ඇති 21 වන සේනාංකයේ සේනාංකාධිපති, මිරුසුවිල් ප්‍රදේශයේ ඇති 51 සහ 55 සේනාංකයන්හී සේනාංකාධිපති, මඩකලපුව ප්‍රදේශයේ 3 වන බලසේනා මූලස්ථාන බලසේනාධිපති, මන්නාරම ප්‍රදේශයේ 5 වන බලසේනා මූලස්ථාන බලසේනාධිපති, කයිට්ස් සහ පුනරීන් ප්‍රාදේශයන්හී 10 වන බලසේනාවේ බලසේනාධිපති, නැගෙනහිර ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානයේ අණදෙන නිලධාරී වශයෙන්ද රාජකාරී කළ අතර එල්.ටී.ටී.ඊ යුද සමයේ නැගෙනහිර ප්‍රදේශයේ සියළු ආරක්‍ෂක හමුදාවන්ට පොලීසීයට හා පොලිස් විශේෂ කාර්යය බලකායටද අණදෙනු ලැබීය.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරී 1970 පෙබරවාරී මස 5 වන දින ශ්‍රි ලංකා යුද්ධ හමුදාවට කෙඩෙට් නිලධාරීයෙකු ලෙස එක්ව 1 වන ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකය වෙත අනුයුක්තව සේවය කළ අතර, පසුව එම ඒකකයේ විධායක අධිකාරී ලෙස පත් වූ මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරී, ඔහුගේ යුද්ධ හමුදා සේවා කාලය තුළ දී 1973 දී ඉන්දියාවේ පැවති යොවුන් නිලධාරී පාඨමාලාව, 1979 වර්ෂයේදි ඉන්දියාවේ පැවති බලඇණි ආධාරක අවි පාඨමාලාව, 1980 වර්ෂයේදි ඉන්දියාවේ පැවති කණිෂ්ඨ අණදෙන නිලධාරී පාඨමාලාව, 1983 වර්ෂයේදී ඉන්දියාවේ පැවති ප්‍රතිවිප්ලවීය සටන් පාඨමාලාව, 1990 සිට 1992 දක්වා ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරී පාඨමාලාව, 1997 වර්ෂයේ ඇමරිකා එක්සත් ජනපදයේ හවායි පැසිෆික් කලාපයේ විශේෂ මෙහෙයුම් පාඨමාලාව, 2000 වර්ෂයේ ඉන්දියාවේ පැවති ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ පාඨමාලාව, ඊට අමතරව විදෙස් සංචාර කිහිපයක් සඳහා ද සිය දායකත්වය ලබාදුන් අතර, එක්සත් රාජධානියේ රහස් ඔත්තු සහ ආරක්ෂිත උපක්‍රම පිළිබඳ (M15) විශේෂ පුහුණුවක් ද බ්‍රිතාන්‍ය ආරක්‍ෂක සේවයෙන් ලබාගෙන ඇත.

සාම සාකච්ඡා වල මූලික අදියරේ දී එවකට සිටි රජයේ නියෝජිතයින් හට හමුදා උපදේශකයකුද වශයෙන් අතිවිශාල කාර්යය භාරයක් මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් අතින් සිදුවිය.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරියා ක්‍රියාන්විත රාජකාරින්හි දක්වන ලද දක්ෂතා හේතුවෙන් ඔහු වෙත වීර වික්‍රම විභූෂණ පදක්කම (WWV), රණ වික්‍රම පදක්කම (RWP) සහ රණශූර පදක්කම (RSP) දෙවරක් පිරිනමා ඇති අතර, ඔහුගේ නොකැළැල් විශිෂ්ඨ සේවය ඇගයිම සඳහා උත්තම සේවා පදක්කම (USP), පූර්ණ භූමී පදක්කම සහ වඩමාරච්චි ක්‍රියාන්විත පදක්කමින් ද පිදුම් ලබා ඇත.

යුද්ධ හමුදාවේ සාමාජිකයින්ගේ යහපත උදෙසා සුභසාධන පියවර රාශියක් ගෙන ඇති මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරියා ගාල්ල ශාන්ත තෝමස් විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකි. ක්‍රිකට්, මළල ක්‍රීඩා හා ශිෂ්‍ය භට ක්‍රියාකාරකම් වලට අදාළව තම විද්‍යාලය නියෝජනය කරමින් විශේෂ දක්ෂතා දැක්වීය. ඔහු සෝනියා කෝට්ටේගොඩ මැතිනිය සමඟ විවාහ වී සිටින අතර සෙනෙහෙරබර දියණියකගේ සහ පුතෙකුගේ දයාබර පියෙකුද වේ. Authentic Sneakers | Beyonce Ivy Park x adidas Sleek Super 72 ICY PARK White , Where To Buy , GX2769 , Ietp