Header

Sri Lanka Army

Defender of the Nation

28th April 2019 13:25:13 Hours

පවතින හදිසි තත්ත්වය සැලකිල්ලට ගනිමින් පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම සඳහා පුහුණු කිරිමට කාන්තාවක් තම සුරතල් සතුන් පරිත්‍යාග කරයි

පුපුරණ ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය සොයාගැනීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සතු පුහුණු සුනඛයන් හට සහය ලබාදීම සඳහා විශ්‍රාමික මේජර් ජෙනරාල් ඩී.පී.එම්.ටී. උභයවර්ධන ගේ සම්බන්ධතාවයෙන් යුතුව ‘City & Guild ජාත්‍යන්තර විවෘත විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන වෛද්‍ය ශීරූ වීජේමාන්න මහත්මිය විසින් ශ්‍රි ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බළකායේ 14 වන සායනික, ජෛව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික අංශය වෙත බෝම්බ නිශ්ක්‍රිය කටයුතු පුහුණු කිරිම සඳහා ‘ජර්මන් ෂෙපර්ඩ්’ වර්ගයේ සුනඛයින් පස්දෙනෙකු පිරිත්‍යාග කර ඇත.

බ්‍රහස්පතින්දා (26) දින උදෑසන නාරාහේන්පිට පිහිටි තම නිවසට පැමිණ වසර දෙකක වයසැති දෙමව්පියන් ඇතුලුව වයස මාස හයක පමණ එකම පවුලේ ජර්මන් ෂෙපර්ඩ් සුනඛයන් 5 දෙනා රුගෙන යන ලෙස ඉංජිනේරු බලකා සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ.එන්. අමරසේකර හට ආරාධනා කරනු ලැබිණි. මෙම සුනකයින් අදාල කාර්යයයේ නියලීමට ප්‍රථම ඔවුන් හට ඒ සඳහා ආවේනික විශේෂිත පුහුණුවක් ලබාදිය යුතුය.

ශ්‍රි ලංකා යුද්ධ හමුදාව විසින් මේ වන විට මත්ද්‍රව්‍ය හා පුපුරන ද්‍රව්‍ය හදුනා ගැනිම සඳහා සුනඛයන් ගණනාවක් පුහුණු කර ඇත. තවද හදිසි ආරක්ෂක කටයුතු සඳහා සහය වීම සඳහා ද සුනඛයන් යොදවා තිබේ. ශ්‍රී ලංකාව තුළ පවතින හදිසි තත්වය සඳහා ප්‍රමුඛතාවය ලබාදෙමින් ඇගේ දරුවන් සේ රැක බලාගත් සුරතල් සතුන් මෙහිදි යුද්ධ හමුදාව වෙත පරිත්‍යා කරනු ලැබීය. මෙම සුනඛයන් බොහෝ අවස්ථා වලදී ආරක්ෂිත ප්‍රදේශයන්හි සුරක්‍ෂිතභාවය තහවුරු කරගැනිම සඳහා කාර්යක්ෂම ලෙස දායක කර ගැනීමට හැකියාව ඇත.

මෙම අවස්ථාව සඳහා විශ්‍රාමික මේජර් ජෙනරාල් ඩී.පී.එම්.ටී. උභයවර්ධන, ශ්‍රි ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බළකායේ 14 වන සායනික, ජෛව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික අංශයේ අණදෙන නිලධාරී මේජර් ආර්.ඩී.එස්. විජේතුංග, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පශු වෛද්‍ය වරයෙකු වන මේජර් කේ. එස්. තලගල සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ සමාජිකයින් සුනඛයින් ලබා ගැනීම සඳහා පැමිණ සිටියහ.short url link | SUPREME , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信! - パート 5