Header

Sri Lanka Army

Defender of the Nation

02nd April 2019 11:49:51 Hours

නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයේ නවතමයෙන් ඉදිකරන ලද නේවාසික ගොඩනැගිල්ල විවෘත කෙරේ

වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ප්‍රයෝජනය සඳහා කෙටි කාලයක් තුල නවතමයෙන් ඉදිකරන ලද නේවාසික ගොඩනැගිලි සංකීර්ණය යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන් පසුගිය මාර්තු මස 30 සහ 31 දිනයන්හි නැගෙනහිර ප්‍රදේශයේ පැවැති උත්සව මාලාවක් අතරතුරදී විවෘත කරන ලදී.

මෙම ගොඩනැගිලි සංකීර්ණය නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර ගේ උපදෙස් මත ඉංජිනේරු සේවා බලකායේ කපිතන් වී.එච්.ජි.එන්.ආර්. ජයසිංහ ගේ අධීක්‍ෂණය යටතේ ඉංජිනේරු සේවා බලකායේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ශ්‍රමදායකත්වයෙන් ඉදිකරන ලදි.

හිටපු නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යාමට පෙර මෙම ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරිණි.

මෙම ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ උත්සවය නිමිති කොට ගෙන බෞද්ධ භික්ෂුන් වහන්සේලා 100 නමක් විශයෙහිලා දානමය පිංකමක් පවත්වා යුද්ධ හමුදා සාමාජිකයින්ට ආශීර්වාද ලබාදුන්හ. spy offers | Air Jordan 1 Retro High OG "UNC Patent Leather" Obsidian/Blue Chill-White UK