Header

Sri Lanka Army

Defender of the Nation

28th March 2019 08:48:09 Hours

බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ශාලාවේ පැවැති ඉංජිනේරු විශිෂ්ටතා සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් එක්වේ

මෙරට කීර්තීමත් ආයතනයක් වන ශ්‍රි ලංකා ඉංජිනේරු ආයතනය විසින් වාර්ෂිකව පවත්වනු ලබන ‘ඉංජිනේරු විශිෂ්ටතා සම්මාන - 2018’ උළෙල බදාදා (27) දින බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ශාලාවේදි පැවැත්වූ අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගිවිය. එහිදි ශ්‍රි ලංකාවේ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ දක‍්ෂතා දැක්වූ විශිෂ්ටයින් හා ශිල්පීන් ඇගයීමට ලක් කළ අතර මෙහිදි සම්භාවනීය අමුත්තන් සහ ශ්‍රී ලංකාවේ උසස් මට්ටමේ ඉංජිනේරු වෘත්තිකයින් ඉදිරියේ ගෞරව සම්මාන ලැබීය.

ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සභාපති මහචාර්ය ටී.එම්. පල්ලේවත්ත මහතා හා ගරු ලේකම් ඇතුළු කමිටු සාමාජිකයින් විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා උණුසුම් අයුරින් පිළිගැනිමෙන් පසු ප්‍රධාන වේදිකාව වෙත වර්ණවත් පෙරහැරකින් කැටුව යන ලදි. අනතුරුව සම්ප්‍රදානුකූල පොල්තෙල් පහන දල්වා උත්සවය ආරම්භ කිරිමෙන් අනතුරුව ඉංජිනේරු විශිෂ්ටත්ව සම්මානලාභීන් වෙත ත්‍යාග ප්‍රධානය කිරිම සඳහා යුද්ධ හමුදාධිපතිවරයාට වේදිකාවට ඇරයුම් කරනු ලැබීය. එහිදි ක්‍ෂෙත්‍රයේ කැපී පෙනෙන ප්‍රවීණයන් හට ඇගයීම් සම්මාන කිහිපයක්ද ප්‍රදානය කරන ලදි.

විද්‍යාවෙහි විශිෂ්ටත්වය සැමරීම හා ඉංජිනේරු ශිල්පීන් හට ප්‍රණාමය පුද කිරිමේ අරමුණින් මෙම උත්සවයේදි විවිධ වර්ගීකරණයන් යටතේ ශ්‍රී ලංකාවේ කැපීපෙනෙන ඉංජිනේරුවන් ඇගයීමට ලක්කරමින් ජනාධිපති සම්මානය, ඉංජිනේරු විද්‍යා සම්මානය, ඉංජිනේරු විද්‍යා විශිෂ්ටත්ව සම්මානය, විශේෂ ඇගයුම් සම්මානය, වරලත් ඉංජිනේරු සම්මානය, ඉංජිනේරු ජනමාධ්‍ය විශිෂ්ඨතා සම්මානය, ඉංජිනේරු ව්‍යවසායකත්ව සම්මානය ආදී වශයෙන් පිළිගත් ගෞරව සම්මාන පිරිනමනු ලැබීය.

මෙම අවස්ථාවේදි කෙටි දේශනයක් සිදු කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය විසින් දක්වන ලද දායකත්වය හා ඔවුන්ගේ වෘත්තීයමයභාවය තුළින් රටේ සෞභාග්‍ය හා වේගවත් සංවර්ධනය කරා යන ගමන් මගෙහි සුවිශේෂි මෙහෙවරක් ඉටු කරන බව ය.‌ මෙම ක්‍ෂෙත්‍රයේ යෙදි සිටින විදේශීය නියෝජිතයින්ගෙන් ලැබෙන සහයෝගය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ විශේෂ පැසසුමට ලක්වූ අතර, එහිදි ඔවුන්ගෙන් මව්බිමට වූ සේවය කෘතඥපූර්වකව සිහි කළේය.

මෙම වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා වෙනුවෙන් එම අවස්ථාවේදි මහාචාර්ය පල්ලේවෙල මහතා විසින් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය වෙනුවෙන් සිය කෘතඥතාව පිරිනැමීය. අනතුරුව බණ්ඩාරනායක ජත්‍යන්තර අනුස්මරණ ශාලාවෙන් නික්ම යෑමට මත්තෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක එහි සමරු සටහන් පොතේහිද සටහන් තැබීමට අමතක නොකළේය.

1906 දී ශ්‍රී ලංකා ඉංජිනේරු සංගමය ආරම්භ කරන ලද අතර පසුව ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය ලෙස නම් කරන ලදී. ජාත්‍යන්තර වෘත්තීය ඉංජිනේරු සමීක්‍ෂණයට පසුව ශ්‍රි ලංකා ඉංජිනේරු ආයතන සාමාජිකයෙකු ලෙස සහභාගිවී කටයුතු කරයි. ශ්‍රි ලංකා ඉංජිනේරු ආයතනය දැනට ජාත්‍යන්තරව පිළිගත හැකි ආයතනයක් වන අතර වෘත්තීමය වශයෙන් ඉහල කුසලතාවයකින් දේශීය ක්‍ෂෙත්‍රයට විශාල දායකත්වයක් දක්වන ආයතනයක් බවට පත්වී ඇත. Sport media | Buy online Sneaker for Men