11th March 2019 08:00:55 Hours
අභාවප්‍රාප්ත 1 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ විශ්‍රාමික කෝප්‍රල් සභාරත්නම් ගේ අවසන් කටයුතු යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් පූර්ණ හමුදා ගෞරව ආචාර මධ්‍යයේ සිකුරාදා (08) දින යාපනය, කෝපායි පොදු සුසාන භූමියේ දී සිදු කළහ.
වර්ෂ 1958 ජූලි 9 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්වූ අභාවප්‍රාප්ත කෝප්‍රල් සභාරත්නම් වසර 22 ක සේවා කාලයක් සම්පූර්ණ කර 1981 දී විශ්‍රාම ලැබීය. 1 වන සන්නාහ සන්නද්ධ බලකායේ සේවය කල විශ්‍රාමික කෝප්‍රල් සභාරක්හම් වෙත දීර්ඝ සේවා පදක්කම, ජනාධිපති පදක්කම, 25 වන සංවත්සර පදක්කම සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා දීර්ඝ සේවා පදක්කම ඇතුළු පදක්කම් ගණනාවක් හිමිගන්වා ඇත.
අභාවප්‍රාප්ත කෝප්‍රල් සභාරත්නම් වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාරය පුද කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ නිලධාරීයෙකු විසින් අභාවප්‍රාප්ත කෝප්‍රල් සභාරත්නම් වෙනුවෙන් නිකුත් කරන ලද විශේෂ නියෝග I (Special Part I Order) අවමංගල්‍ය අවස්ථාවට පැමිණි පිරිස ඉදිරියේ ප්‍රකාශ කරන ලදී. ඉන් අනතුරුව, 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න විසින් සංකේතාත්මකව අභාවප්‍රාප්ත කෝප්‍රල් සභාරත්නම් ගේ පදක්කම් සහ නිල ලාංඡන ඥාතීන් වෙත භාරදුන්හ. කෝප්‍රල් සභාරත්නම් 2 වන කණුව, රජවීදිය, කෝපායි මධ්‍යම යන ලිපිනයේ පදිංචිව සිටියදී 2019 මාර්තු මස 04 දින අභාවප්‍රාප්ත විය.
අවමංගල්‍ය උත්සවයේ දී ප්‍රකාශයට පත්කල විශේෂ නියෝග I (Special Part I Order) පහතින් දැක්වේ; Nike footwear | adidas poccnr jumper dress pants size