Header

Sri Lanka Army

Defender of the Nation

07th March 2019 17:39:33 Hours

පිහිනුම් තරඟාවලියේ සමස්ථ ශූරතාවය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු පිහිනුම් ක්‍රීඩකයින්ට

පිහිනුම් ක්‍රීඩාවේ නියැලී සිටින යුද්ධ හමුදා සාමාජිකයින් දිරීගැන්වීමේ අරමුණින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් ගල්කිස්ස මුහුදු තීරයේ දී පසුගිය (07) දින පැවැත්වූණු ‘3 වන අන්තර් රෙජිමේන්තු සැතපුම් 2 විවෘත පිහිනුම් තරඟාවලිය’ සඳහා යුද්ධ හමුදා ක්‍රීඩකයින් 235 ක් සහ ක්‍රීඩාකාවන් 12 ක් සහභාගි වූහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ජල ක්‍රීඩා කමිටුවේ ප්‍රධානී මේජර් ජෙනරාල් ඉන්ද්‍රජිත් විද්‍යානන්ද ගේ මූලිකත්වයෙන් පවත්වනු ලැබු මෙම තරඟාවලියේ අවසන් වටය නැරඹීම සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ශ්‍රි ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස්, යුධ සේවා ලේකම් මේජර් ජෙනරාල් අජිත් විජේසිංහ, යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන, භඨකාර්ය සම්පාදන ආඥාපති මේජර් ජෙනරාල් සී.එස් ඇටිපොල ඇතුළු නිලධාරීන් සහ සෙසු නිළයින් රැසක් එක්ව සිටියහ.

මෙම තරඟාවලියේ පිරිමි අංශයේ සමස්ත කණ්ඩායම් ශූරතාවය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු පිහිනුම් ක්‍රීඩකයින් විසින් හිමිකරගත් අතර තරඟාවලියේ අනුශූරතාවය ගජබා රෙජිමේන්තු කණ්ඩායමට හිමිවිය. කාන්තා අංශයේ කණ්ඩායම් ශූරතාවය 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා පිහිනුම් ක්‍රීඩිකාවන් විසින් හිමිකරගත් අතර තරඟාවලියේ අනුශූරතාවය 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිහිනුම් ක්‍රීඩාකාවන්ට හිමිවිය.

කෙසේ වෙතත්, ගජබා රෙජිමේන්තු පිහිනුම් ක්‍රීඩකයින් වැඩිම ලකුණු රැස් කරගනිමින් පිරිමි අංශයේ ( කණ්ඩායම්) අභියෝගතා කුසලානය සඳහා සුදුසුකම් ලැබීය. එසේම, කාන්තා අංශයේ අභියෝගතා කුසලානය හිමිකර ගැනීමට 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා පිහිනුම් ක්‍රීඩිකාවන් සමත් විය. තරඟාවලියේ දක්‍ෂතම පිහිනුම් ක්‍රීඩකයා ලෙස 3 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ලාන්ස් කෝප්‍රල් ඒ.එම්.ඒ.එස් අබේසිංහ තේරිපත් වු අතර දක්‍ෂතම පිහිණුම් ක්‍රීඩිකාව ලෙස 4 වන (ස්වේව්ඡා) කාන්තා බලකායේ කෝප්‍රල් ආර්.කේ ජයතිලකේ තේරිපත් විය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත කුසලාන හා සහතිකපත් ප්‍රදානය කළ අතර ආකර්ෂණිය නර්ථනාංගයකින් මෙම අවස්ථාව වර්ණවත් විය. Nike air jordan Sneakers | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News