Header

Sri Lanka Army

Defender of the Nation

27th February 2019 14:28:55 Hours

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ‘පියවර’ වැඩසටහනේ තවත් පියවරක් ඉදිරියට තබමින් ‘8 වන පියවර’ වැඩසටහන ක්‍රියාත්මක කරයි

වවුනියාව සහ අනුරාධපුර දිස්ත්‍රික්කයන්හි පෙර පාසල් දරුවන් 400 කට අධික පිරිසක් වෙනුවෙන් ආරම්භ කරනු ලැබු වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා ගේ අඛණ්ඩ ප්‍රජා ව්‍යාපෘතින් අතුරින් තවත් සුවිශේෂී වැඩසටහනක් වූ ‘පියවර’ ව්‍යාපෘතියේ තවත් අදියරක් ලෙස 8 වන පෙරපාසල අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉරට්ට ප්‍රදේශය ආසන්න පිහිටි අලගල්ල ගම්මානයේ ඉදිකිරීමට අවශ්‍ය පියවර ගන්නා ලදී.

පූර්ව ළමාවිය අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ පෞද්ගලික උනන්දුව හා කැපවීම මත හේමාස් අවුට්රිච් පදනමේ විධායක අධ්‍යක්‍ෂිකා මෙන්ම සන්නිවේදන සහ තිරසාර සංවර්ධන සාමාන්‍යාධිකාරී ශිරෝමි මාසකෝරාල මහත්මියගේ සහයෝගීත්වයෙන් වන්නි ප්‍රදේශයේ දුෂ්කර ප්‍රදේශවල පෙර පාසල් 7 ක් මාස 15 ක් වැනි කාලයක් තුලදී ඉදිකර ඇත.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව හේමාස් අවුට්රීච් පදනම විසින් සපයනු ලැබූ අමුද්‍රව්‍ය සහ අනුග්‍රාහකත්වය ඇතිව වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ඉංජිනේරු සහ තාක්ෂණික දැනුම යොදාගනිමින් පෙර පාසල් 7 හි ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කරන ලදී.

ඒ අනුව, අලගල්ල ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත 8 වන පෙර පාසලේ ඉදිකිරීම කටයුතු සඳහා මුල්ගල් තැබීමේ උත්සවය පසුගිය ඉරිදා (24) දින පැවති අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා සහභාගී විය. තවද එම අවස්ථාව සඳහා 21 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කුමාර ජයපතිරණ, හේමාස් අවුට්රීච් පදනමේ නියෝජිතයන්, රජයේ නිලධාරීන් සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ද සහභාගි වූහ.

මෙම ව්‍යාපෘතියේ දැක්ම අනුව 8 වන ‘පියවර’ පෙර පාසල ඉදිකිරීම මගින් අලගල්ල ගම්මානයේ වයස අවුරුදු 3 ත් 5 ත් අතර වයස් කාණ්ඩයෙහි දරුවන් 50 දෙනෙකුට අධික පිරිසකගේ අධ්‍යාපනය සඳහා සහන සැලසෙන අතර එහි ඉදිකිරීම් කටයුතු 21 වන සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සිදුකිරීමට නියමිතය. bridge media | Air Jordan