Header

Sri Lanka Army

Defender of the Nation

26th February 2019 16:16:32 Hours

ජයපුරම් ප්‍රදේශයේ පදිංචි පවුලක් සඳහා යුද්ධ හමුවේ දායකත්වයෙන් නව නිවසක්

තලගල ශ්‍රී සුමනරතන නාහිමියන්ගේ අනුශාසනා ඇතිව ‘තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනම’ විසින් ලබාදුන් මූල්‍යමය ආධාරයන් යොදාගනිමින් කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයට අයත් 663 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 2 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ඉංජිනේරු සහ තාක්ෂණික දැනුම උපයෝගි කරගනිමින් ජයපුරම් ප්‍රදේශයේ දුප්පත් පවුලක් සඳහා නව නිවසක් ඉදිකරන ලදී.

663 වන බලසේනාව යටතේ ස්ථාපිත 2 වන ජාතික ආරක්‍ෂක බලමුළු බලප්‍රදේයේ ජීවත්වන මෙම දිලිදු පවුලෙහි අසරණ තත්ත්වය පිළිබඳ හඳුනාගත් 66 වන සේනාංක මූලස්ථානය වෙතින් මෙම නිවස ඉදිකරදීමට තීරණය කරන ලදී.

ඒ අනුව, ‘තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනමේ’ මූල්‍යමය උපකාර ඇතිව රුපියල් ලක්ෂ 457,500/= ක මුදලක් වැයකරමින් ඉදිකරන ලද නව නිවස පසුගිය සෙනසුරාදා (16) දින පැවති සරල උත්සවයකදි එම පවුලේ සාමාජිකයින් වෙත පරිත්‍යාග කරන ලදි.

මෙම අවස්ථාව සඳහා 66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් මංගල විජේසුන්දර, 663 වන බලසේනාවේ බලසේනාධිපති, 2 වන ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරී සහ යුද්ධ හමුදා නිලධාරීන් විසින් නිවාසලාභී සාදිශ්කරන් සරස්වති මහත්මිය වෙත නව නිවසේ යතුරු භාරදුන් අතර, එම අවස්ථාවේදී නව නිවසට අවශ්‍ය ගෘහ උපකරණ සහ ත්‍යාග පාර්සල් තොගයක් ද ඔවුන් වෙත ප්‍රදානය කළේය.

හින්දු ආගමික සම්ප්‍රදානුකූලව පැවති මෙම කෙටි උත්සවය සඳහා පරිත්‍යාගශීලීන් හා ඔවුන්ගේ ඥාතීන්, ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් ද එක්වූහ. Sneakers Store | 【発売情報】 近日発売予定のナイキストア オンライン リストックまとめ - スニーカーウォーズ