Header

Sri Lanka Army

Defender of the Nation

22nd February 2019 09:20:14 Hours

පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් විසින් කරනු ලබන නිෂ්පාදනයන් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන යුධ හා නව තාක්ෂණික නිෂ්පාදන හා අනෙකුත් උපාංග නිපදවනු ලබන හෝමාගම, පිටිපන පිහිටි සංවර්ධන හා පර්යේෂණ මධ්‍යාස්ථානය (CRD) වෙත බදාදා (20) උදෑසන නිරීක්‍ෂණ චාරිකාවක් සඳහා පැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක එහිදි උණුසුම් අයුරින් පිළිගන්නා ලදි.

එහිදි පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් විශ්‍රාමික බ්‍රිගේඩියර් ටිරාන් ද සිල්වා හා එම ස්ථානයේ සේවය කරන ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් ගේ ආරාධනයකට අනුව යුද්ධ හමුදාධිපතිතුමන් විවිධ හමුදා උපකරණ හා උපාංග නිෂ්පාදනය කරනු ලබන විද්‍යුත් අංශය, තාක්ෂණික අංශය සහ න්‍යෂ්ඨික සහ ජෛව රසායන යන අංශය නිරීක්‍ෂණය කළේය.

පර්යේෂණ හා සංවර්ධන මධ්‍යාස්ථානය විසින් නිපදවන ලද මිසයිල ,මල්ටි බැරල් රොකට් විදින, බැලස්ටික් රබර් නියැදි, පුහුණුවීම් සඳහා යොදාගන්නා ලද සමාකෘති වේදිකා, වනාන්තරයේ වෙඩි තැබිම් අවශ්‍යතා සඳහා යොදාගනු ලබන සමාකෘති, රොකට් විදින, මෝටාර්, පැරෂුට්, සන්නද්ධ ටැංකි සහ ත්‍රිවිධ හමුදාවන් සඳහා අවශ්‍ය වන විවිධ උපාංගයන් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නීරික්‍ෂණය කරන ලදි.

එම නිෂ්පාදනවල ප්‍රභේදයන් නිරීක්‍ෂණය කළ යුද්ධ හමුදාධිපතිවරයා එය පැසසුමට ලක් කළ අතර, එතුමන් විසින් එම නව නිපැයුම් විශාල වශයෙන් නිෂ්පාදනය කිරීම ආරම්භ කරන ලෙස එහිදි ඉල්ලීමක් ද කළ අතර, එමගින් යුද්ධ හමුදාවට විශාල විදේශ විනිමයක් ඉතිරි කර ගැනීමට හැකි බව ප්‍රකාශ කළේය. එමෙන්ම එම නිෂ්පාදන සෑම ප්‍රදේශයකම පිහිටි යුද්ධ හමුදා ආයතනයන් මගින් සිදු කරනු ලබන පුහුණු විම් කටයුතු සඳහා අවශ්‍ය වන බැවින් එම නිෂ්පාදන යුද්ධ හමුදාව වෙත සපයන ලෙසද CRD ය වෙතින් ඉල්ලීමක් කරන ලදි.

එමෙන්ම ආයතනය තුළ ක්‍රියාත්මක වන විවිධ නවෝත්පාදන ක්‍රියාවලීන් පිළිබඳවද විමසූ යුද්ධ හමුදාධිපතිවරයා එම නව නිෂ්පාදන ඉදිරියේදි අපනයනය කිරිමේ ඇති හැකියාව සහ ඉඩ ප්‍රස්ථාව පිළිබඳ එහි පර්යේෂණ නිළධාරීන් හා අදහස් හුවමාරු කර ගත් අතර, ඒ තුළින් ශ්‍රී ලංකාවට කීර්තිනාමයක් ගෙන ඒමට හැකි බවඳ සඳහන් කළේය.

එහිදි පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් විශ්‍රාමික බ්‍රිගේඩියර් ටිරාන් ද සිල්වා විසින් සමරු තිළිණයක් ලෙස මල්ටි බැරල් රොකට් විදිනයක අනුරුවක් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ප්‍රධානය කරනු ලැබීය. යුද්ධ හමුදාධිපතිතුමන් එම ස්ථානයෙන් පිටව යෑමට පෙර සමරු සටහන් පොතෙහි සටහනක් තැබීය.

ජාත්‍යන්තර ප්‍රමීතීන්ට සමවන ලෙස ප්‍රථම වරට දේශීයව නිෂ්පාදනය කරන ලද මල්ටි බැරල් රොකට් විදිනය පසුගිය නිදහස් දින සැමරුම් පෙළපාලියේදි ප්‍රදර්ශනය කරන ලදි. එමෙන්ම ‘CRD’ ය විසින් නිෂ්පාදනය කරන ලද වෙඩි තැබිම් සඳහා අවශ්‍ය බැලස්ටික් රබර් නියැදි මෙම වර්ෂයේ ජනවාරි මස යුද්ධ හමුදාධිපතිතුමන් හට හදුන්වාදෙන ලදි. latest Running | Air Jordan 1 Retro High OG "UNC Patent" Obsidian/Blue Chill-White For Sale – Fitforhealth