Header

Sri Lanka Army

Defender of the Nation

18th February 2019 16:07:00 Hours

CISM දින මාර්ග ධාවනය සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ඇතුළු ත්‍රිවිධ හමුදාධිපතිවරුන් එක්වේ

අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිල (CISM) මාර්ග ධාවනය - 2019, සදුදා (18) දින උදැසන කොළඹ දී ආරම්භ වූ අතර මෙය ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලය මගින් ලොව පුරා වාර්ෂිකව සිදු කරන ලදි.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර විජේගුණවර්ධන සහභාගිවූ අතර, ඊට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිළධාරීන් පිරිසක්ද එක්වූහ. අනතුරුව මෙම පිරිස ලයිට් හවුස් පරිශ්‍රයෙන් ගමන් අරඹා ගාලු මුවදොර පිටිය හරහා ගමන්කොට නැවත ලයිට් හවුස් පරිශ්‍රය වෙත පැමිණ ගමනාන්තය සනිටුහන් කළහ.

ක්‍රීඩාවෙහි යෙදිම ප්‍රචලිත කිරිම හා හමුදා සංදර්භය තුළ ක්‍රීඩාව මගින් සියළු ජනකොටස් තුළ සමගිය ඇතිකිරිම අරමුණු කරගත් මෙම වැඩසටහන අන්තර්ජාතික හමුදා ක්‍රිඩා කවුන්සිල (CISM) මාර්ග ධාවනය ලෙස 2006 වර්ෂයේදි ආරම්භ කරන ලදි.

එදවස සිට මෙම ‘CISM’ ධාවනය සෑම වර්ෂයකම ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ සංවිධාන ශක්තියෙන් යුතුව පැවැත්වෙන අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද මෙම වසරේ ධාවනය සඳහා ආබාධිත රණවිරුවන් කිහිප දෙනෙකු රෝද පුටු මතින් සහභාගීවීම සුවිශේෂි අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැක. 'ක්‍රීඩාව හරහා මිත්‍රත්වය' යන්න තේමා කොටගත් මෙම උළෙල ලොව පුරා රාජ්‍යයන් 150 ක් පමණ සෑම වර්ෂයකදීම නොකඩවා පවත්වනු ලබන්නකි.

වර්ෂ 1948 දී ප්‍රංශ හමුදා බලඝණ නායක හෙන්රි ඩෙබ්රස්, ප්‍රංශ හමුදාව හා බෙල්ජියම, නෙදර්ලන්තය, ලක්සම්බර්ග් සහ ඩෙන්මාර්කය යන හමුදා සමඟ එක්ව අන්තර් ජාතික හමුදා ක්‍රීඩා කවුන්සිලය ‘Conseil International du Sport Militaire’ (CISM) සන්නද්ධ හමුදාවන් අතර ක්‍රීඩාව හරහා සාමය ප්‍රවර්ධනය කිරීමේ ශ්‍රේෂ්ඨ පරමාර්ථය ඇතිව ප්‍රංශයේදී එකට එක්ව පිහිටුවන ලදී. spy offers | Air Jordan 1 Retro High OG 'University Blue' — Ietp