Header

Sri Lanka Army

Defender of the Nation

12th February 2019 14:51:27 Hours

‘සෙනෙහෙ සියපත’ වැඩසටහනේ 4 වන අදියරය යටතේ කිළිනොච්චි ප්‍රදේශයේ සිසුන් සඳහා පාසල් උපකරණ තොගයක් බෙදාදේ.

ආපදා කළමණාකරන අමාත්‍යාංශය හා ඩයලොග් ආසියාටා සමාගම ආරක්ෂක අමාත්‍යංශය සමඟ ඒකාබද්ධව ආරම්භ කරන ලද ‘ සෙනෙහෙ සියපත’ වැඩසටහනේ 4 වන අදියර යටතේ කිළිනොච්චිය සහ මුලතිව් දිස්ත්‍රික්කයන්හි ගංවතුරෙන් ආපදාවට ලක් වු සිසුන් සහ සිවිල් වැසියන් වෙනුවෙන් තවත් එක් දැවැන්ත පරිත්‍යාග වැඩසටහනක් ලෙස කිළිනොච්චි දිස්ත්‍රිකයේ පාසල් 6 ක සිසුන් 423 ක් සඳහා පෙබරවාරි මස 7 සහ 8 යන දිනයන් හිදි පාසල් උපකරණ පොත් සහ පාසල් බෑග් බෙදාදිමේ වැඩසටහනක් පවත්වන ලදි.

කිළිනොච්ච් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා ගේ සම්බන්ධීකරණය යටතේ සේනාංකාධිපතිවරුන්, බලසේනාංකාධිපතිවරුන් සහ ඒ යටතේ ඇති ඒකකයන් හි අණදෙන නිලධාරින් ගේ සහයෝගය ඇතිව මුලතිව් මාන්කුලම් විද්‍යාලය, මුලතිව් පන්නන්කඩිචි රජයේ දෙමළ මිශ්‍ර පාසල, මුලතිව් තිරුමුරුක්කන්ඩි විද්‍යාලය සහ මුලතිව් නැතලිආරු දෙමළ විද්‍යාලයන්ගේ ළමුන් සඳහා මෙම පරිත්‍යාග වැඩසටහන පැවැත්වූහ.

ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ සෙබළියන් මෙම පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහන සඳහා සම්බන්ධවී සිටියහ. මෙම වැඩසටහනට පෙර පැවති ප්‍රථම දෙවන හා තෙවන අදියර යටතේ පාසල් සිසුන් 10,000 කට වැඩි සංඛ්‍යාවක් සඳහා සහනාධාර ලබාදී ඇති අතර මීට මාස දෙකකට පෙර මුළුමනින්ම විනාශයට පත්වු කිළිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික්කයන් හි සිසුන් සහ සිවිල් වැසියන් හට එමගින් උපකාර කිරිමේ මානුෂිය මෙහෙයුමක් ලෙස ද යුද්ධ හමුදා සාමාජිකයින් විසින් මෙවැනි වැඩසටහන් කිහිපයක් දියත් කරන ලදි

මෙහිදි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් බෙදා හැරීමේ ස්ථානයන් වෙත පැමිණ සිටියහ. bridgemedia | Autres