Header

Sri Lanka Army

Defender of the Nation

13th February 2019 09:35:48 Hours

ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිතුමන් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවේ

ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිතුමන් එයාර් මාර්ෂල් සාගර කොටකදෙනිය අඟහරුවාදා (12) දින උදෑසන යුද්ධ හමුදාධිපති කාර්යාලයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අනාගතය පිළිබඳව මෙන්ම ත්‍රිවිධ පීඨයන් හා වේගයෙන් වෙනස්වූ ගෝලීය දර්ශනය පිළිබඳව ද මෙහිදි සාකාච්ඡා කරනු ලැබීණී.

ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිතුමන් එයාර් මාර්ෂල් සාගර කොටකදෙනිය එම දූරයේ රාජකාරීන් ආරම්භ කිරිමෙන් පසු මෙම විශ්වවිද්‍යාලයේ සෙනෙට් සභාවේ සමාජිකයෙකු වන යුද්ධ හමුදාධිපතිතුමන් හමුවූ ප්‍රථම අවස්ථාවද මෙය වේ.

සුහදත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් මෙම සුහද හමුව අවසානයේ සංකේතාත්මක සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය. bridgemedia | Air Jordan 1 Retro High OG "UNC Patent Leather" Obsidian/Blue Chill-White UK