Header

Sri Lanka Army

Defender of the Nation

07th February 2019 13:44:06 Hours

පියවර පදනමේ අනුග්‍රහය ඇතිව 50 වෙනි පෙර පාසල සියඹලාව ප්‍රදේශයේ දී විවෘත කරයි

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ මූලිකත්වයෙන් ආරම්භ කළ මානූෂීය ව්‍යාපෘතීන් යටතේ හේමාස් අවුට්රිච් සමාගමේ ‘පියවර’ පදනමේ සහයෝගය ඇතිව අනුරාධපුර සියඹලාව ප්‍රදේශයේදි 50 වන පෙර පාසල ඉදිකර දරුවන් සඳහා ප්‍රදානය කරන ලදි.

හේමාස් අවුට්රිච් පදනම වන්නි ප්‍රදේශයේ දුෂ්කර ප්‍රදේශවල පිහිටි පෙර පාසල් ළමුන්ගේ රැකවරණ හා සංවර්ධන ක්‍රියාවලිය ප්‍රචලිත කිරීම සඳහා හේමාස් අවුට්රීච් පදනමේ ප්‍රධාන කළමණාකරන සහ විධායක අධ්‍යක්‍ෂිකා ශිරෝමි මාස්කෝරාල මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2002 වර්ෂයේදී අඩු ආදායම්ලාභී දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා ‘පියවර’ පෙර පාසල් ව්‍යාපෘතිය හඳුන්වා දුන්හ.

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක වු මෙම ව්‍යාපෘතිය සඳහා වවුනියාවේ පිහිටි කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශ්‍යය සහ වවුනියාවේ විවිධ ආයතන විසින් අඛණ්ඩව සහයෝගය දැක්විය. ඒ අනුව, හේමාස් අවුට්රිච් පදනමේ ‘පියවර’ ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද පෙර පාසල් 50 වෙනුවෙන් වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය සිය ස්තුතිය පුදකරන ලදි.

සියඹලාව ප්‍රදේශයේදි ඉදි කළ මෙම පෙර පාසල දරුවන්ගේ පරිහරනය සඳහා විවෘත කිරීමේ උත්සවය වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා නියෝජනය කරමින් 21 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කුමාර ජයපතිරණ සහ ශි‌රෝමි මාස්කෝරාල මහත්මියගේ ද සහභාගීත්වයෙන් පැවැත්විණි.

මේ වනවිට දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ශ්‍රමදායකත්වයෙන් දිවයින පුරා පෙර පාසල් 50 ක් පමණ ඉදිකර ඇති අතර ඉන් වැඩි ප්‍රමාණයක් වන්නි ප්‍රදේශය තුල ඉදිකර ඇත. ගුරුවරුන් 150 කගේ මඟපෙන්වීම යටතේ පෙර පාසල් ළමුන් 3500 කට අධික පිරිසක් මේ වන විට සිය මුල් ළමාවිය ඉගෙනුම් ක්‍රියාවලිය සිදුකරනු ලබයි.Best Authentic Sneakers | Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf