Header

Sri Lanka Army

Defender of the Nation

02nd February 2019 14:07:05 Hours

එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරියේ නිරතව සිටියදි දිවිපිදු රණවිරුවන්ගේ දේහයන් සඳුදා (04) දින දිවයිනට ගෙන ඒමට නියමිතය

මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරීන්හි නියුතුව සිටියදී 2019 ජනවාරි මස 25 වන දින ප්‍රහාරයකට ලක්ව දිවිපිදු නිල උසස් කරන ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මේජර් එච්.ඩබ්ලිව්.ඩි. ජයවික්‍රම සහ සැරයන් එස්.එස්. විජේකුමාර ගේ දේහයන් සඳුදා (04) දින පස්වරු 3.00 ට පමණ දිවයිනට රැගෙන ඒමට නියමිත අතර එම දේහයන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී හමුදා සම්ප්‍රදායානුකූල පෙළපාලියකින් ගෞරවාන්විතව භාරගැනීමට කටයුතු සැලසුම් කර ඇත. එම අවස්ථාව සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් මහත්මිය, ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපතිවරුන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ දිවිපිදු රණවිරුවන් දෙදෙනාගේ බිරින්දෑවරුන් සහ ඥාතීන් රැසක් සහභාගිවීමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ ධජයෙන් ආවරණය කරන ලද මෙම මෘත දේහයන් තැන්පත් කරන ලද දෙණ, එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් මූලස්ථානයේ ආඥාපති ලුතිනන් ජෙනරාල් ඩෙනිස් ගිලිස්පොරේ (Lieutenant General Dennis Gyllisporre) සමඟින් ශ්‍රී ලංකා නිලධාරීන් ඇතුළු එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් මූලස්ථානයේ නිලධාරීන් කිහිපදෙනෙකු විසින් රැගෙන ඒමට නියමිතව ඇත. දිවිපිදු ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින්ගේ දේහයන් ගුවන් ගමන් ප්‍රමාදයක් හේතුවෙන් දිවයිනට ගෙන ඒමට ප්‍රමාද වූ බව යුද්ධ හමුදා මූලස්ථානයේ යුද සේවා ලේකම් කාර්යාලය සහ විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය සඳහන් කරයි. Mysneakers | Zapatillas de running Nike - Mujer