Header

Sri Lanka Army

Defender of the Nation

28th January 2019 17:59:50 Hours

‘ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ’ වැඩසටහන සමඟ යුද්ධ හමුදා සාමාජිකයින් සියගණනක් එක්වෙයි

දිවයින පුරා රජයේ පාසල් වල සිසුන් අතර අත්පත්‍රිකා බෙදාහරිමින්, මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබද දැනුවත් කිරීම සඳහා, ජනාධිපති කාර්ය සාධන බලකාය විසින් දියත් කරන ලද මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට සිය අඛණ්ඩ සහයෝගය ලබාදීමට, යුද්ධ හමුදා මුලස්ථානයේ පැවති සාකච්ඡාවේදි යුද්ධ හමුදාධිපතිතුමන් සහ අනෙකුත් පාර්ශවකරුවන් විසින් එකගතාව පල කර ඇත.

ඒ අනුව, මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ දියත් කරන ලද මෙම ව්‍යාපෘතිය සඳහා, එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සියලුම සේනාංක, බලසේනා සහ ඒකකයන්හි සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් ජනවාරි මස 21 දින සිට 25 දින දක්වා එම ප්‍රදේශයන්හි සියලුම පාසල්වල සිසුන් අතර අත්පත්‍රිකා බෙදාහරීමින් සිය දායකත්වය දැක්වුහ.

එමෙන්ම, කන්කසන්තුරේ බලා ගමන් ගන්නා උතුරු ඉන්දියාවේ නිෂ්පාදිත නව එන්ජිමක් සහිත උත්තරාදෙවි දුම්රිය පසුගිය (27) දින සිය මංගල චාරිකාව උතුරු ප්‍රදේශයේ සංචාරයක නිරත මගීන් පිරිසක් ද සමඟ කිලිනොච්චිය, අරවියල්නගර් දුම්රිය ස්ථානය වෙත ලගාවු අතර එහිදි යුද්ධ හමුදා සාමාජිකයින් විසින් දුම්රියේ ගමන් කරමින් සිටි පිරිස් සමඟ සුහදව සාකච්ඡා කරමින් මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ අත්පත්‍රිකා ද බෙදාහරීන ලදී.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා ගේ සහ 57 වන සේනාංකයේ සේනාංකාධිපති ගේ උපදෙස් මත 571 හා 574 වන බලසේනාවන්, 7 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, 3 වන ගජබා රෙජිමේන්තුව සහ 4 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් කණ්ඩායමක් විසින් මෙලෙස මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දැනුවත් කිරීමේ අත්පත්‍රිකා බෙදාහරීන ලදී. Nike Sneakers Store | adidas garwen spezial white shoes - New In Shoes for Men