Header

Sri Lanka Army

Defender of the Nation

24th January 2019 20:30:40 Hours

නුගේගොඩ අනුලා විද්‍යාලයේ ශිෂ්‍ය නායිකාවන්ට යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සූරතින් නිල ලාංඡන පළඳවයි

නුගේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පතිතුමන් ඇතුළු ගුරු මණ්ඩලයේ ආරාධනයකට අනුව සිකුරාදා (25) දිනට යෙදුණු ‘ශිෂ්‍යනායක දිනයේ’ දී නව ශිෂ්‍යනායිකාවන් හට නිල ලාංඡන පැළඳවීමේ උත්සවය සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගි විය.

විද්‍යාල පරිශ්‍රය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත එම විද්‍යාලයේ කාන්තා ශිෂ්‍යභට කණ්ඩායමේ ගෞරවාචාරය පිරීනැමීය. ඉන් අනතුරුව, එම විද්‍යාලයේ තුර්යවාදක කණ්ඩායම පෙරටු කරගත් පෙරහැරකින් විදුහල්පතිණිය, ගුරුවරුන් සහ සිසුන් විසින් යුද්ධ හමුදාධිපතිතුමන්ව විද්‍යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරය වෙත කැටුව යන ලදී.

එහිදි ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු අනෙකුත් සම්භාවනීය ආරාධිත අමුත්තන් මෙන්ම විද්‍යාලයේ විදුහල්පතිණිය, ප්‍රධාන ශීෂ්‍යනායිකාව සහ ගුරුවරුන් විසින් සම්ප්‍රදායානුකූල පොල්තෙල් පහන දල්වීමෙන් අනතුරුව මෙම උත්සවය ආරම්භ කළහ.

ජාතික ගීය සහ පාසල් ගීතය ගායනා කිරීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන්ට ප්‍රධාන පීඨිකාව වෙත ආරාධනා කළහ. ඉන් අනතුරුව, ශිෂ්‍යනායිකාවන් විසින් විදුහල්පතිණිය සහ ප්‍රධාන ආරාධිත අමුත්තා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.

එහිදි විදුහල්පතිණිය සමගින් එක්ව යුද්ධ හමුදාධිපතිතුමන් නව ශිෂ්‍යනායිකයින් වෙත නිල ලාංඡන පළඳවන ලදී. නිල ලාංඡන පැළඳවීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් සියලුදෙනා අමතමින් විනය සහ කැපවීම තුළින් සමාජයේ නායකයෙකු ලෙස කටයුතු කිරීමේ ඇති වැදගත්කම අවධාරණය කළහ. තවද පාසලේ සහ සමාජයේ දී ගෞරවාන්විතව හා ක්‍රියාකාරීව කටයුතු කිරීමේ වැදගත්කමද මෙහිදි යුද්ධ හමුදාධිපතිතුමන් පැවැසීය.

එහිදි, විද්‍යාලය තුලදී සහ විෂය බාහිර ක්‍රියාකාරකම්වලදි දැක්වූ දක්‍ෂතාවයන් වෙනුවෙන් අනුලා විද්‍යාලයේ සිසුන්ට සහතික පත් ද ප්‍රදානය කළහ.

මෙම අවස්ථාව සංකේතවත් කරමින් විද්‍යාලයේ විදුහල්පතිණිය විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කල අතර යුද්ධ හමුදාධිපතිතුමන් විසින් විදුහල්පතිණිය වෙත ද සමරු තිළිණයක් ප්‍රදානය කළහ.

විද්‍යාල පරිශ්‍රයෙන් නික්මයාමට ප්‍රථම යුද්ධ හමුදාධිපතිතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි සමරු සටහනක් ද තැබීය. Sports Shoes | NIKE