Header

Sri Lanka Army

Defender of the Nation

25th January 2019 14:06:21 Hours

මාලි දේශයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරියේ නියුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් දෙදෙනෙකු පිපිරීමකින් ජිවිතක්‍ෂයට පත්ව තවත් කිහිපදෙනෙකු තුවාල ලබති

(මාධ්‍ය නිවේදනය)

මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරිවල නියුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ WMZ වර්ගයේ සන්නද්ධ රථයක් බටහිර අප්‍රිකාවේ මාලි රාජයේ ඩුඑන්සා ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටියදී මාලි රාජ්‍යයේ වේලාවෙන් අද (25) දින පෙරවරු 6.30 ට පමණ වැඩිදියුණු කරන ලද අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ප්‍රහාරයකට ලක්ව ඇත.

දෛනික මෙහෙයුම අවසන් කරමින් WMZ සංග්‍රාමික රථයකින් පැමිණෙමින් සිටියදි ශ්‍රී ලංකා යුද්ධ හමුදා කපිතන්වරයෙකු සහ යුද්ධ හමුදා සාමාජිකයෙකු මෙලෙස ප්‍රහාරයට ලක්ව ජිවිතක්‍ෂයකට පත්වූහ. එමෙන්ම, තවත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවද ලැබෙන වාර්තා සනාථ කරයි.

මෙම ප්‍රහාරයෙන් අනතුරුව සෝදිසි මෙහෙයුම් දැනටත් ක්‍රියාත්මක වන අතර WMZ සංග්‍රාමික රථයට සහ එය පිටුපසින් පැමිණි අනෙකුත් සංග්‍රාමික රථයකට ද මෙම ප්‍රහාරයෙන් හානි සිදුවි ඇත. මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාම සාධක මෙහෙයුම් මුලස්ථානය විසින් මෙම ප්‍රහාරය සම්බන්ධව වැඩිදුරටත් පරික්‍ෂණ සිදුකරනු ලබයි. තවද ප්‍රහාරය සම්බන්ධව වැඩි විස්තර පසුව බලාපොරොත්තු වන්න. (නිමාව) Sports brands | NIKE HOMME