Header

Sri Lanka Army

Defender of the Nation

28th December 2018 14:30:22 Hours

මඩකළපුව දිස්ත්‍රික්කයේ සන්නද්ධ හමුදාවන් භාවිතා කල තවත් ඉඩම් නිදහස් කෙරේ

නැගෙනහිර පළාතේ ඉඩම් නිදහස් කිරීමේ දෙවන අදියරය ලෙස මඩකලපුව දිස්ත්‍රික්කයේ ආරක්‍ෂක කටයුතු සඳහා සන්නද්ධ හමුදාවන් භාවිතා කරන ලද තවත් ඉඩම් අක්කර 8.5 ක් නිදහස් කිරීම බ්‍රහස්පතින්දා (27) දින උදෑසන සිදු කරන ලදි. එහිදී නිදහස් කරන ලද ඉඩම්වලට අදාළ ලියකියවිලි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතා, නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් ඩී. එම්. සරත් අබේගුණවර්ධන මහතා සහ මඩකලපුව දිස්ත්‍රික් ලේකම් ශ්‍රීකාන්ත මෙනෙවිය වෙත මඩකළපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැති උත්සවයකදී නීත්‍යානුකූල ඉඩම් හිමියන්ට පවරාදිම සඳහා මෙලෙස නිදහස් කරන ලදි.

ජනාධිපති කාර්යාලයේ උපදෙස් මත මෙම ඉඩම් සඳහා වූ ලියකියවිලි නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර විසින් සංකේතාත්මකව අණ්ඩුකාර කාර්යාලයේ දී භාරදෙනු ලැබීය. මෙම අවස්ථාව සඳහා 23 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කපිල උදළුපොළ, නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් ශාන්ත හේවාවිතාරණ සහ 231 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් මිහිඳු පෙරේරා සහභාගි වූහ.

ඒ අනුව, මන්මුනේපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිරන්කුලම් ප්‍රදේශයේ ඉඩම් අක්කර 2.25 ක්, මන්මුනේ දකුණු ඊරාවිල්පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඔන්ඩච්චිමඩම් ප්‍රදේශයේ ඉඩම් අක්කර 0.5 ක්, මන්මුනේ නිරිත පෝරතිවුපත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කොක්කඩිචොලෙයි ප්‍රදේශයේ ඉඩම් අක්කර 0.75 ක් සහ කෝරලේපත්තුව උතුරු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තෝණිතට්ටමඩු ප්‍රදේශයේ ඉඩම් අක්කර 5 ක් මෙලෙස නිදහස් කරන ලදී.

මෙම අවස්ථාවේ දී නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥපතිතුමන් අදහස් දක්වමින් පවසා සිටියේ අම්පාර දිස්ත්‍රික්කයේ ආරක්‍ෂක හමුදාවන් භාවිතා කරන ලද වැඩි ඉඩම් ප්‍රමාණයක් නිත්‍යානූකූල අයිතිකරුවන් වෙත මුදා හැරීමට නියමිත බවයි. එමෙන්ම, ආරක්‍ෂක හමුදාවන් භාවිතා කරන ලද රාජ්‍ය සහ පෞද්ගලික ඉඩම් නිදහස් කිරීමේ ක්‍රියාවලියට සමගාමීව නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඉඩම් නිදහස් කිරීමේ පළමු අදියර යටතේ සහ මේ වනවිට මඩකලපුව දිස්ත්‍රික්කයේ ඉඩම් විශාල ප්‍රමාණයක් නිදහස් ද කර ඇත. affiliate link trace | Saucony Lanzar JAV 2 - Unisex , Worldarchitecturefestival