Header

Sri Lanka Army

Defender of the Nation

27th November 2018 15:00:06 Hours

කාන්තා සංවර්ධනය හා තිරසාර සාමය සදහා යුද්ධ හමුදා කාන්තා බලකායේ ප්‍රධානත්වයෙන් සම්මන්ත්‍රණයක්

යුද්ධ හමුදාපතිතුමාගේ මඟපෙන්වීම යටතේ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය විසින් සාමය හා සංහිඳියාව මෙන්ම ආරක්‍ෂාව පවත්වාගෙන යැම සදහා වන නායකත්ව භූමීකාව පිළිබඳව හා තිරසාර සංවර්ධනයේ අරමුණ සාක්ෂාත් කරගැනිම සදහා කාන්තාවන්ගේ දායකත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට අවශ්‍ය තෝතැන්නක් නිර්මාණය කිරිම වෙනුවෙන් සම්මන්ත්‍රණයක් පැවැත්විම සඳහා වු මාධ්‍ය සාකච්ඡාවක් අඟහරුවාදා (27) පස්වරුවේ කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රය තුළදී පවත්වනු ලැබීය.

‘කාන්තා සංවර්ධනය හා තිරසාර සාමය’ යන තේමාව ඔස්සේ විවිධ ක්‍ෂෙත්‍රයන් නියොජනය කරමින් කාන්තා වෘත්තිකයින් 450 දෙනෙකුට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් දෙසැම්බර් 4 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීමට නියමිතය.

යුද්ධ හමුදා කාන්තා බලකාය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන මෙම සම්මන්ත්‍රණය මගින් තීරණ ගැනීම සහා නායකත්ව භුමිකාව යන ක්‍ෂෙත්‍රයන් පිලිබඳව සාකච්ඡා කිරිමට හා අධ්‍යනය කිරිමට නියමිතය.

පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් අරුන වන්නිආරච්චි, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක, කොළඹ විශ්ව විද්‍යාලයේ පොදු හා ජාත්‍යන්තර නීති අධ්‍යන අංශයේ ප්‍රධානී මහාචාර්ය ජීවා නිරිඇල්ල, ස්වාධීන උපදේශක / නීතීඥ / Partner Associated Law Chambers ආචාර්ය දයානි පනාගොඩ, රෙජිමේන්තු මධ්‍යස්ථානය ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ අතිරේක මාණ්ඩලික නිලධාරී 1 මේජර් නයෝමි රත්නායක, සහ ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ නීති උපදේශක කර්නල් බුද්ධිකා ෆර්ඩිනැන්ඩස් යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරිනියන් මෙම මාධ්‍ය හමුව සඳහා සහභාගී වනු ලැබීය. Sportswear free shipping | Air Jordan