Header

Sri Lanka Army

Defender of the Nation

29th October 2018 19:15:50 Hours

මත්ද්‍රව්‍ය නිවාරණ කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායට යුද්ධ හමුදාවේ සහාය

ජනාධිපති මත්ද්‍රව්‍ය කාර්ය සාධක බලකාය විසින් මේ වනවිට දිවයින පුරා ජාතික ව්‍යාපෘතියක් ලෙස පාසල් ළමුන් මත්ද්‍රව්‍ය උවදුරෙන් මුදවා ගැනීමේ අරමුණින් දේශන පැවැත්වීමේ වැඩසටහනක් දියත් කරනු ලබන අතර එහි උපදේශක සහාය සඳහා යුද්ධ හමුදා නිලධාරින් සහ යුද්ධ හමුදා සාමාජිකයින් පුහුණු කරනු ලැබීය.

ඒ අනුව, බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ගේ උපදෙස් මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා නිලධාරින් 23 ක් සහ යුද්ධ හමුදා සමාජිකයින් 43 ක් මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව පුහුණු කිරීමේ එක් දින වැඩමුළුවක් මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ විශේෂඥයින් විසින් බ්‍රහස්පතින්දා (25) දින පනාගොඩ, බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ දී පවත්වනු ලැබීය.

අධ්‍යාපන අමාත්‍යංශයේ සහයෝගීතාවය ඇතිව දියත් කරනු ලබන මෙම වැඩසටහන් මාලාවේ දී රජයේ පාසල්වල ළමුන් මත්ද්‍රව්‍යවලට අබ්බැහිවීම වලක්වාගැනීම පිළිබඳ දේශන පැවැත්වීම සඳහා යුද්ධ හමුදා සාමාජිකයින්ගේ දේශන සහාය ලබාගැනිමට අපේක්ෂා කෙරේ.

ඒ අනුව, මහාචාර්ය දියනාත් සමරසිංහ මහතා, වෛද්‍ය සංජිව රත්නවීර මහතා සහ ජනාධිපති මත්ද්‍රව්‍ය කාර්ය සාධක බලකායේ එච්.එම්. තිලකරත්න යන මහත්වරුන් විසින් යුද්ධ හමුදා සාමාජිකයින් පුහුණු කිරීමේ වැඩසටහන පවත්වනු ලැබීය.

අපගේ තරුණ පරම්පරාවේ යහපත වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන මෙම ජාතික ව්‍යාපෘතිය සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් මත බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සිය සහයෝගය ලබාදෙනු ලැබීය. Running sneakers | Nike Shoes