Header

Sri Lanka Army

Defender of the Nation

20th September 2018 15:02:36 Hours

පොපි මල් දින සැමරුම ආරම්භ වේ

ලෝක පොපි මල් දින සැමරුම ආරම්භ කරමින් එහි ප්‍රධාන සංවිධාන කටයුතු සිදු කරනු ලබන ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමය අද (20) දින උදෑසන එහි ආරම්භක පියවර වශයෙන් යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හට පළමු පොපි මල පැලදවීම සිදු කරන ලදී.

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති බ්‍රිගේඩියර් කේ.ඒ. ඥාණවීර (විශ්‍රාමික) සහ ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ මහ ලේකම් ලුතිනන් කර්නල් ඒ.කේ. සියඹලාපිටිය (විශ්‍රාමික) සමගින් මේජර් ජෙනරාල් අඹන්පොල (විශ්‍රාමික) යුද්ධ හමුදාධිපතිතුමන් හමුවූ අතර එහිදි යුද්ධ හමුදාධිපතිතුමන් මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් අශිර්වාද කළහ.

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති තුමන් සංකේතාත්මකව යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පොපි මල පැළඳවීමෙන් අනතුරුව පොපිමල් ව්‍යාපෘතිය සඳහා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දායකත්වය ලබාදෙනු ලැබීය.

ලෝකය පුරා යුද්ධයෙන් දිවි පිදූ රණවිරුවන් සිහිකිරීම උදෙසා පවත්වනු ලබන පොපි මල් දිනය සැමරීම් උත්සවය කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස දී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති අතර, ඒ සැබදිව යුද්ධ හමුදාධිපතිතුමා හට පොපි මල් පැලදවීමේ අවස්ථාවේ දී දැනුවත් කරන ලදී.

‘In Flanders Field’ නැමති ප්‍රචලිත කවියට අනුව පොපි යන වචනය සැමරුම් දින සංකේතයක් ලෙස භාවිතා වූ අතර, ජනප්‍රවාදවලට අනුව පළවන ලෝක යුද සමයේ දී ෆ්ලෙන්ඩර්ස් හි පිහිටි යුද පිටිවල මෙම පොපි මල පීපී පැවති බව සඳහන් වේ. මෙහි ඇති දීප්තිමත් රත් පැහැය යුද්ධයේ දී රුධිරය වැගිරවීම සංකේතවත් කරයි. Best Nike Sneakers | Nike SB