Header

Sri Lanka Army

Defender of the Nation

20th September 2018 12:10:10 Hours

යාපනයේ දී පොල් පැළ බෙදාදීමක්

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ සංකල්පයකට අනුව අඟහරුවාදා (18) දින තෙලිප්පලෛයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුරුම්බසෙට්ටියි ප්‍රදේශයේ වගාකිරීම සඳහා පොල් පැල 100 ක තොගයක් බෙදාදෙනු ලැබීය.

කොළඹ දහම් විජය පදනමේ අනුග්‍රහකත්වය ඇතිව යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභි පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් මෙම පැළ තොගය බෙදාදෙන ලදී.

මෙම පැළ බෙදාදීමේ උත්සවය සඳහා යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි සහභාගි වූ අතර අඟහරුවාදා (18) දින පැවැති මෙම උත්සවය සඳහා රාජ්‍ය නිලධාරින් සහ ප්‍රදේශවාසින් රැසක් එක්ව සිටියහ.

යාපනය අර්ධද්වීපයේ පොල් පැල වගාකිරීමේ අරමුණින් යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් මේ වනවිට පොල් පැල 10,000 කට අධික ප්‍රමාණයක් සිවිල් වැසියන්ට වගාකිරීම සඳහා බෙදාදී ඇත. Mysneakers | adidas garwen spezial white shoes - New In Shoes for Men