16th August 2018 11:52:10 Hours
‘Pro Food Pro Pack – 2018’ කෘෂිකාර්මික වෙළඳ ප්‍රදර්ශනය පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවති අතර, ඒ සඳහා යුද්ධ හමුදාධිපතිතුමාගේ මඟපෙන්වීම යටතේ යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් යුද්ධ හමුදාව යටතේ පාලනය වන ගොවිපලවල් 13 ක නිෂ්පාදනය කරන ලද දියවැඩියාවය, අධිරුධිර පීඩනය සහ කොලස්ටරෝල් ආදී රෝග පාලනය කරගත හැකි සුවිශේෂි ඇල්ගි නිෂ්පාදනයක් වන ස්පිනැක්ස් සුපර්ෆුඩ් නිෂ්පාදන ඇතුළු නිෂ්පාදන රැසක් ඉදිරිපත් කර තිබූණි.
ඒ අනුව, ස්පිනැක්ස් සුපර්ෆුඩ් කුඩු යොදාගනිමින් සහ දේශීය සහල් වර්ග 06 ක් යොදාගනිමින් ඇසුරුම් කරන ලද ස්පිනැක්ස් බිස්කට් පැකට්ටු හා තල කැරලි මෙන්ම TEJC අඹ, ඇසුරුම් කරන ලද උක් හකුරු, මී කිරි, ඇසුරුම් කරන ලද කෙසෙල් සහ දොඩම්, බෝතල් කරන ලද පැණි වරකා, කුරුදු පැකට්, සීනි උක් යුෂ, ඇසුරුම් කරන ලද ගෘහස්ථ සහන එළවළු මළු ද ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කළහ. එහිදි, යුද්ධ හමුදා ප්‍රදර්ශන කුටිය නැරඹීම සඳහා විශාල පිරිසක් සහභාගි වූහ.latest Running | Sneakers