Header

Sri Lanka Army

Defender of the Nation

26th June 2018 15:09:29 Hours

බුද්ධගයාවේ ඓතිහාසික වන්දනාවක යෙදි සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් නැවතත් දිවයිනට

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ඉන්දීය හමුදාවේ සහයෝගීතාවයෙන් සංවිධානය කරන ලද බුද්ධගයා වන්දනා ගමන අවසන් කරමින් ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල ඥාතීන් අද (26) දින සන්ධ්‍යාවේදී නැවතත් දිවයිනට පැමිණෙන ලදී.

මෙම නව ව්‍යාපෘතිය සඳහා යුද්ධ හමුදා සාමාජිකයන් 82 දෙනෙකු ඇතුළුව ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් 160 දෙනෙකු සහභාගිවු අතර මෙම වන්දනා ගමන මගින් එම සැදැහැවතුන් හට දින 03 ක් (ජුනි මස 24 දින සිට 26 දින දක්වා) පුරාවට බුද්ධගයාව මෙන්ම අනෙකුත් පූජනීය ස්ථාන රැසක් වන්දනා මාන කිරිමේ අවස්ථාව උදාවිය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් කරන ලද මිත්‍රශීලි ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බීපීන් රාවට් ගේ උපදෙස් මත ඉන්දීය යුද්ධ හමුදාවේ සම්බන්ධතාවයෙන් යුතුව සහභාගිවුවන් හට අවශ්‍ය පහසුකම් සලසන ලදී.

ඉන්දියානු හමුදාව විසින් ඔවුන්ගේ වන්දනා චාරිකා සඳහා අභ්‍යන්තර ප්‍රවාහන, ආහාර, නවාතැන් සහ අනෙකුත් සියලු පහසුකම්වලට අමතරව එම වන්දනාකරුවන්ට නොමිලේ ගුවන් ගමන් සැපයීය.

මෙම හුවමාරු වැඩසටහන, ඉන්දු - ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික සාකච්ඡා වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරන ලද අතර ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන වන්දනා කිරිම සඳහා යුද්ධ හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල්වල ඥාතීන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සලසා දෙනු ලබයි.

ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන වන්දනා කර නැවත දිවයින වෙත පැමිණි මෙම පිරිස පිළිගැනීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකුද කොළඹ ජාත්‍යයන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

Nike air jordan Sneakers | New Balance 327 Moonbeam , Where To Buy , WS327KB , Air Jordan 1