Header

Sri Lanka Army

Defender of the Nation

09th June 2018 18:09:26 Hours

බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් කුරුණෑගල ප්‍රදේශයේ ඇතිවූ සුළි සූළං තත්ත්වයට මුහුණ දෙයි

කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැවගෙදර, තිත්තවෙල සහ කලහෝගෙදර යන ප්‍රදේශයන් හී සෙනසුරාදා (09) දින උදෑසන ඇතිවූ සුළි සූළං තත්ත්වයෙන් අවතැන් වූ ජනතාවට සහන සැලසීම සඳහා යුද්ධ හමුදා නිලධාරින් ඇතුළු සෙසුනිලයින් 100 කට අධික පිරිසක් යොදවනු ලැබීය.

හදිසියේ ඇතිවූ සූළි සූළඟ ප්‍රදේශය පූරා වේගයෙන් හමාගොස් ඇති අතර, මේ පිළිබඳ සැලවුණු වහාම ක්‍රියාත්මක වූ බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 143 වන බලසේනාවට අයත් 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භට පිරිස් සහ 582 වන බලසේනාවේ භට පිරිස් කඩා වැටුණු ගස් කපා ඉවත් කරමින් පීඩාවට පත් ජනජිවිත නැවත යථා තත්ත්වයට පත් කරලීම සඳහා කටයුතු කළහ.

යුද්ධ හමුදා භට පිරිස් එදින දහවල් කාලය වන විට කඩා වැඩුණු ගස් කපා ඉවත් කරමින් ප්‍රදේශය යථා තත්ත්වයට පත් කළහ.Nike sneakers | Sneakers