Header

Sri Lanka Army

Defender of the Nation

25th May 2018 11:40:39 Hours

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය කෝවිල් 34 ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා නොමිලේ සිමෙන්ති බෙදාදීම ආරම්භ කරයි

සියලු ජාතින් අතර ආගමික සහජිවනය සහ සංහිඳියාව ඇති කරලීමේ අරමුණින් හින්දු කෝවිල් 34 ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සි‍මෙන්ති කොට්ට 680 ක තොගයක් යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ මූලිකත්වයෙන් බෙදාදීමේ ව්‍යාපෘතියක් බදාදා (23) දින ආරම්භ කරනු ලැබීය.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ සම්බන්ධිකරණයෙන් පෞද්ගලික පරිත්‍යාගශීලින්ගේ දායකත්වය ඇතිව ප්‍රතිසංස්කරණය කිරීමට අත්‍යවශ්‍ය කෝවිල් සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිය.

යාපනය අර්ධද්වීපයේ ප්‍රතිසංස්කරණය කිරීමට නියමිත කෝවිල් 34 හි භාරකරුවන් වාසවිලන් මධ්‍ය මහා විද්‍යාල පරිශ්‍රයේ බදාදා (23) දින පැවති සරල උත්සවයක දී සිමෙන්ති කොට්ට 20 බැගින් ලබාගන්නා ලදී.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති විසින් ආගමික නායකයින්, ප්‍රජා නායකයින්, යුද්ධ හමුදා නිලධාරින් සහ සෙසුනිලයින් ඉදිරියේ ඔවුන් වෙත එම සිමෙන්ති කොට්ට තොගය පරිත්‍යාග කරන ලදි.

url clone | Footwear