Header

Sri Lanka Army

Defender of the Nation

25th May 2018 16:26:39 Hours

තබ්බෝව ප්‍රදේශයේ ආපදාවට ලක්වු පවුල් 36 ක් ආරක්‍ෂිත ස්ථාන කරා

පවතින අධික වර්ෂාපතනය නිසා සිකුරාදා (25) දින පෙරවරුවේ පුත්තලම දිස්ත්‍රික්කයේ තබ්බෝව ජලාශයේ වාන් දොරටු විවෘත කරන ලද අතර ඒ හේතුවෙන් ඇතිවු ගංවතුර තත්වයෙන් ආපදාවට පත් වු පවුල් 36 කට අයත් සිවිල් වැසියන් 123 දෙනෙකු ඉන් මුදා ගැනීමට බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 14 වන සේනාංකයේ 143 වන බලසේනාවේ 16 වන ගජබා රෙජිමේන්තු භට පිරිස් සමත් විය.

මෙහිදී, 143 වන බලසේනාවේ භට පිරිස් ක්‍ෂණිකව ක්‍රියාත්මක වු අතර බෝට්ටු හා වෙනත් ක්‍රමෝපායන් භාවිතා කරමින් ආපදාවට ලක්වු ජනතාව තබ්බෝව විහාරස්ථාන පරිශ්‍රයේ තාවකාලිකව නවාතැන් ගැන්වු අතර මෙම ගලවාගැනිමේ මෙහෙයුම සඳහා යුද්ධ හමුදා භට පිරිස් වෙත ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ නිලධාරින්ගේ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය කාර්ය මණ්ඩලයේ සහාය ද ලබාදෙනු ලැබීය.

Nike air jordan Sneakers | Shop: Nike