Header

Sri Lanka Army

Defender of the Nation

14th May 2018 20:34:06 Hours

ඉන්දිය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය තුමන් හමුවේ

සංචාරක ඉන්දිය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිෆින් රාවට් (General Bipin Rawat) සඳුදා (14) දින ශ්‍රී ලංකාවේ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ, අරලියගහ මන්දිරයේ පිහිටි සිය කාර්යාලයේ දී හමුවිය.

මෙම සුහද හමුවේදී අග්‍රාමාත්‍ය තුමන් සහ ඉන්දිය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී අතර ද්වීපාර්ශ්වික වශයෙන් වැදගත්කමක් සහිත ආර්ථික කේන්ද්‍රස්ථානයක් වන දකුණු ආසියානු කලාපය පිළිබඳ අවධානය යොමු කරමින් අදහස් හුවමාරු කරගත්හ.

මෙම සුහද හමුව අවසානයේ, ඉන්දිය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී විසින් ගරු අග්‍රාමාත්‍යතුමන් වෙත ඉන්දිය යුද්ධ හමුදාව වෙනුවෙන් සංකේතාත්මක සමරු තිළිණයක් ද ප්‍රදානය කළහ.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති මෙම සුහද හමුව සඳහා ඉන්දිය නියෝජිත පිරිසේ මේජර් ජෙනරාල් ප්‍රීති සිං (Major General Prithi Singh), බ්‍රිගේඩියර් මුකේෂ් අග්රවාල් (Brigadier Mukesh Aggarwal) මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගි විය.

Authentic Nike Sneakers | UOMO, SCARPE