Header

Sri Lanka Army

Defender of the Nation

20th April 2018 17:58:29 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් මැලේසියානු මහකොමසාරිස් හමුවේ

මැලේසියාවේ සංචාරයක නිරත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක බ්‍රහස්පතින්දා (19) දින මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා (Mr A.J.M Muzammil)ක්වාලා ලාම්පුර් හී පිහිටි සිය කාර්යාලයේ දී හමුවිය.

මැලේසියාවේ පැවැත්වෙන 16 වන ආසියානු ආරක්‍ෂක සේවා ප්‍රදර්ශණය සහ සමුළුව - 2018 සඳහා සහභාගිවූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, සිය මැලේසියානු සංචාරයේ වැඩසටහන් විස්තරය සහ එහි අත්දැකිම් පිළිබඳව මෙහිදි සාකච්ඡා කළහ.

මෙම සුහද හමුව සඳහා මැලේසියානු මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් කිහිපදෙනෙකු දඑක්ව සිටි අතර එම හමුව අවසානයේ ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් මැලේසියානු මහකොමසාරිස් වෙත සමරු තිළිණයක් ද පිරිනැමූහ.

Adidas shoes | Buy online Sneaker for Men