Header

Sri Lanka Army

Defender of the Nation

18th April 2018 22:12:30 Hours

මැලේසියාවේ සංචාරයක නිරත යුද්ධ හමුදාධිපතිතුමන් නේපාල ජ්‍යෙෂ්ඨ හමුදා ප්‍රධානියෙකු හමුවේ

මැලේසියාවේ ක්වාලා ලාම්පුර් හිදි පැවැත්වෙන 16 වන ආසියානු ආරක්‍ෂක සේවා ප්‍රදර්ශණය සහ සමුළුව - 2018 සඳහා සහභාගි වි සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක නේපාල යුද්ධ හමුදාවේ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික ලුතිතන් ජෙනරාල් පුර්ණ චන්ද්‍ර තාපා (Lieutenant General Purna Chandra Thapa) බදාදා (18) දින හමුවිය.

නේපාල යුද්ධ හමුදාවේ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික ලුතිතන් ජෙනරාල් පුර්ණ චන්ද්‍ර තාපා (Lieutenant General Purna Chandra Thapa) ආසියානු ආරක්‍ෂක සේවා ප්‍රදර්ශණය සහ සමුළු සැසිවාරයේ ප්‍රධාන දායකත්වය දරන ලද අතර සමුළුව අතරතුරදි එතුමන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා හමුවිය.

එහිදි, නේපාල යුද්ධ හමුදාවේ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික හා යුද්ධ හමුදාධිපතිතුමා අතර පැවති ද්විපාර්ශවීය සාකච්ඡාවේදි දෙරට අතර සම්බන්ධතා පිළිබඳ වැඩි අවධානයක් යොමු වූ අතර, මෙම සුහද හමුව සංකේතවත් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් හා නේපාල යුද්ධ හමුදාවේ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

buy shoes | Top Quality adidas Yeezy 700 V3 "Eremiel" GY0189 , Ietp