Header

Sri Lanka Army

Defender of the Nation

07th April 2018 06:16:15 Hours

55 වන සේනාංකයේ සම්බන්ධීකරණයෙන් මරදන්කෙනි සිවිල් වැසියන් වෙත නොමිලේ ඇස්කණ්ණාඩි

ශ්‍රී ලංකා අක්‍ෂිදාන සංගමයේ අනුග්‍රාහකත්වය ඇතිව යාපනය ප්‍රදේශයේ ඇස්කණ්ණාඩි අවශ්‍ය සිවිල් වැසියන් වෙත නොමිලේ ඇස්කණ්ණාඩි බෙදාදීම සිකුරාදා (30) දින යාපනය, මරදන්කෙනි හි පිහිටි 10 (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේ දී සිදු කරනු ලැබීය.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ මඟපෙන්වීමෙන් 55 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයන්ත ගුණරත්න ගේ උපදෙස් මත ශ්‍රී ලංකා අක්‍ෂිදාන සංගමය සමඟ පුර්ණ සම්බන්ධීකරණයෙන් ප්‍රදේශයේ අක්‍ෂි ආබාධ සහිත වැසියන් වෙත සහාය දැක්වීමක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළහ.

මරදන්කෙනි 10 (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේ පැවති මෙම වැඩසටහන සඳහා සිවිල් වැසියන් 600 කට වැඩි පිරිසක් සහභාගි වූ අතර, ඔවුන්ගේ අක්‍ෂි පරික්‍ෂාවට ලක් කරමින් ඒ අතරින් අක්‍ෂි ආබාධ සහිත 415 දෙනෙකුට නොමිලේ ඇස්කණ්ණාඩි බෙදාදෙනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා අක්‍ෂිදාන සංගමයේ සභාපති, 55 වන සේනාංකයේ සේනාංකාධිපති, යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයින් මෙන්ම ප්‍රදේශයේ සිවිල් වැසියන් පිරිසක් ද එක්ව සිටියහ.

Sportswear free shipping | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov