Header

Sri Lanka Army

Defender of the Nation

05th April 2018 14:40:14 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් රාගම ‘රණවිරු සෙවණ’ නේවාසික රණවිරුවන් හමුවේ

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක උදාවන සිංහල සහ ‍දමිළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් බ්‍රහස්පතින්දා (05) දින රණක්‍ෂිතයට පත් රණවිරුවන් 120 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන හා පුනරුත්ථාපනය වන රාගම ‘රණවිරු සෙවණ’ හි සංචාරයක නිරත වුහ.

‘රණවිරු සෙවණ’ වෙත පැමිණි යුද්ධ හමුදාධිපතිවරයා, රෝද පුටුවක ප්‍රතිකාර ලබන රණක්‍ෂිතයට පත් රණවිරුවකු විසින් බුලත් හුරුල්ලක් දී පිළිගත් අතර යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සංජිව මුණසිංහ, පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ශාන්ත තිරුනාවුකරසු සහ ‘රණවිරු සෙවණ’ සේනාවිධායක බ්‍රිගේඩියර් හේමන්ත කුලතුංග ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

‘රණවිරු සෙවණ’ නේවාසිකයින් සමඟ එක්වෙමින් ඔවුන් සමඟ සුහද පිළිසඳරක නිරත වු යුද්ධ හමුදාධිපතිවරයා ඔවුන්හට අවුරුදු සුභපැතුම් එක්කරමින් ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනු ලැබීය. අනතුරුව ඔවුන්ගේ ‍අවශ්‍යතාවයන් පිළිබඳව විමසා සිටි යුද්ධ හමුදාධිපතිතුමන්, ඔවුන්හට අලුත් අවුරුදු ත්‍යාග පර්සල් ද පිරිනමනු ලැබු අතර, නේවාසිකයින්ගේ පහසුකම් උසස් මට්ටමක පවත්වා ගැනිම පිළිබඳව ද විමසා සිටිනු ලැබිය.

මෙහිදි යුද්ධ හමුදාධිපතිතුමන්, පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ශාන්ත තිරුනාවුකරසු සහ ‘රණවිරු සෙවණ’ සේනාවිධායක බ්‍රිගේඩියර් හේමන්ත කුලතුංග සමඟින් ‘රණවිරු සෙවණ’ ඉදිරි පරිපාලන කටයුතු මෙන්ම පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ගයන් පිළිබඳව සාකච්ඡා කල අතර ඒ සඳහා අවශ්‍ය උපදෙස් ද ලබාදෙනු ලැබීය.

ඉන් අනතුරුව ඉංජිනේරු සේවා බලකා සෙබළුන් විසින් ඉදිකරමින් පවතින කෘතිම අත්පා සහ අත් සහ පා ආධාරක නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ ඉදිකිරිම් කටයුතු සොයා බැලු යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පුනරුප්තාපන අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් ශාන්ත තිරුනාවුකරසු සහ ‘රණවිරු සෙවණ’ සේනාවිධායක බ්‍රිගේඩියර් හේමන්ත කුලතුංග විසින් එහි වත්මන් ප්‍රගතිය පිළිබඳවත් ඇතිවන ගැටළු පිළිබඳවත් දැනුවත් කරන ලදී.

තවද, යුද්ධ හමුදාධිපතිතුමන් ‘රණවිරු සෙවණ’ පිටත්විමට මත්තෙන් එහි සේවයේ නියුතු නිලධාරින් සමගින් ද සුහද පිළිසදරක යෙදිමට අමතක නොකලයේය. පිරිස් පාලන අධ්‍යක්‍ෂක බ්‍රිගේඩියර් දේවින්ද පෙරේරා, රාගම ‘රණවිරු සෙවණ’ අණදෙන නිලධාරිණී ලුතිතන් කර්නල් ලක්මිණී රණසිංහ ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියේය.

affiliate tracking url | FASHION NEWS