Header

Sri Lanka Army

Defender of the Nation

06th April 2018 20:16:28 Hours

රන්මිණිතැන්න රාජ්‍ය උත්සවයට සම්භාවනීය අමුත්තා වශයෙන් යුද්ධ හමුදා දෘෂ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රිඩකයා හට ඇරයුම්

හම්බන්තොට දිස්ත්‍රික්කයේ දෘෂ්‍යාබාධිතයින් 29 දෙන‍ෙකු සඳහා තිස්සමහාරාම, රන්මිණිතැන්න ප්‍රදේශයේ ඉදිකරනු ලැබු ‘සියනෙතුගම’ නිවාස සංකිර්ණය විවෘත කිරිමේ රාජ්‍ය උත්සවයේ සම්භාවනීය ආරාධිත අමුත්තා වශයෙන් ගජබා රෙජිමේන්තුවේ මාණ්ඩලික සැරයන් ජේ.පි.ඩි. රවින්ද්‍ර සහභාගි වු අතර පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ ත්‍රස්ථවාදින්ට එරෙහිව සිදුකරන ලද මානුෂීය මෙහෙයුමේදී ඔහුගේ දෙනෙත් අහිමි විය.

නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමන්ගේ ආරාධනාවකට අනුව 2009 වසරේ මානුෂීය මෙහෙයුම් සමයේ මව්බිමේ ආරක්‍ෂාව වෙනුවෙන් විශේෂ දායකත්වයක් දක්වන ලද ජාතික දෘෂ්‍යාබාධිත ක්‍රිකට් කණ්ඩායමේ උප නායක හා රණවිරු සේවා ක්‍රිඩා සමාජයේ නායකත්වය දරනු ලබන මාණ්ඩලික සැරයන් ජේ.පි.ඩි. රවින්ද්‍ර මෙම උත්සවයේ සම්භාවනීය ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වන ලදී.

මාණ්ඩලික සැරයන් ජේ.පි.ඩි. රවින්ද්‍ර මානුෂිය මෙහෙයුම් සමයේ පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ දි ත්‍රස්ථවාදින් විසින් එල්ල කරන ලද මෝටාර් ප්‍රහාරයක් හේතුවෙන් සිය දෙනෙත් අහිමි වු අතර ඔහු වෙත නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමන් විසින් අඟුලාන නිවාස සංකිර්ණයේ නව නිවසක් ද ලබාදෙනු ලැබීය.

රන්මිණිතැන්න ප්‍රදේශයේ පැවති මෙම උත්සවය සඳහා යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගි වන ලදී.

Mysneakers | ナイキ エア マックス エクシー "コルク/ホワイト" (NIKE AIR MAX EXCEE "Cork/White") [DJ1975-100] , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!