Header

Sri Lanka Army

Defender of the Nation

03rd April 2018 17:41:24 Hours

යුද්ධ හමුදාව විසින් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිත හින්දු කෝවිල් 100 ක ව්‍යාපෘතියේ 20 වන හින්දු කෝවිල බැතිමතුන්ට පවරාදෙයි

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් දියත් කරනු ලැබු යාපනය දිස්ත්‍රික්කයේ හින්දු කෝවිල් 100 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ පුළුල් වැඩපිළිවෙලට අනුව, ප්‍රතිසංස්කරණය කර නිමවූ 20 වන හින්දු කෝවිල ලෙස තෙලිප්පලෙයි මුතුමාරී අම්මාන් ‍හින්දු කෝවිල බැතිමතුන්ට පවරාදෙනු ලැබීය.

යුද්ධ හමුදාව විසින් ප්‍රතිසංස්කරණය කරන ලද තෙලිප්පලෙයි මුතුමාරී අම්මාන් ‍හින්දු කෝවිල සිකුරාදා (30) දින විශේෂ පූජාවක් පවත්වමින් බැතිමතුන්ට පවරාදීමේ අවස්ථාව සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සමඟින් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ද සහභාගි විය.

එක්සත් රාජධානියේ පදිංචිව සිටින හින්දු බැතිමතෙකු වන පර්ති කුමාරස්වාමී මහතා (Mr Parthy Kumaraswamy), මෙම හින්දු කෝවිල ප්‍රතිසංස්කරණය කිරීම සඳහා යුද්ධ හමුදාවේ ශ්‍රාමදායකත්වය හා වෘත්තීමය හැකියාව ‍පිළිබඳ පූර්ණ විශ්වාසයක් පළ කරමින් මීට මාස කිහිපයකට ප්‍රථම යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි හමුවී මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකිරීම සඳහා අනුග්‍රහකත්වය ලබාදෙනු ලැබීය.

මෙම පූජනීය ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය මාස තුනකට පෙර ආරම්භ වූ අතර පූජනීය ස්ථාන බොහෝමයක් 2009 මැයි මාසයේ දී අර්ධද්වීපයේ මානුෂීය මෙහෙයුම අවසන් කිරීමෙන් පසු ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය බවට තහවුරු කරන ලදී. අදාල ප්‍රදේශයන්හි පිහිටි යුද්ධ හමුදා භට කණ්ඩායම් අලුත්වැඩියා කටයුතු සඳහා අනියුක්ත කර ඇති අතර අදාල පූජනීය ස්ථාන භාරකරුවන් සහ කුරුක්කල්වරුන් (පූජකවරු) සමග සාකච්ඡා කර එම අලුත්වැඩියා කටයුතු සිදු කරමින් පවති.

බොහෝ අවස්ථාවලදී මෙම අලුත්වැඩියා කටයුතු සඳහා විවිධ දායකයින් විසින් තීන්ත, සිමෙන්ති, වැලි ආදී අමුද්‍රව්‍ය සපයමින් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයට විශාල දායකත්වයක් ලබාදී ඇත.

පසුගිය සතියේ යාපනය අර්ධද්වීපයේ සංචාරයක නිරත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, නල්ලිනාකපුරම් නිවාස සංකීර්ණය ඇතුළු ප්‍රජා ව්‍යාපෘතින් රැසක් විවෘත කිරීම සඳහා සහභාගී වූ අතර යුද්ධ හමුදාව විසින් ප්‍රතිසංස්කරණය කරන ලද තෙලිප්පලෙයි මුත්තුමාරී අම්මාන් හින්දු කෝවිල බැතිමතුන්ට භාරදීමේ විශේෂ පූජාව මගින් පූජනීය ස්ථානය නැවත විවෘත කිරීම සංකේතවත් කරමින් දේවතාවන්ට පූජා කිරීමක් ලෙස සලකනු ලැබීය.

Nike sneakers | Women's Nike Air Jordan 1 trainers - Latest Releases , Ietp