Header

Sri Lanka Army

Defender of the Nation

15th January 2016 14:12:27 Hours

පුහුණු දින වැඩසටහනක් මුලතිව් ආරක්ෂක සේනාවෙන්

තම පුහුණුවීම් දිනය නිමිත්තෙන් මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය පුහුණු දින වැඩසටහනක් ඉදිරිපත් කිරීමක් පසුගිය බදාදා (13) දින එකතු කළේ එම මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් පීයූඑස් විතානගේ ගේ උපදෙස් පරිදිය‍. මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍ර‍ධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් එන්.එම් හෙට්ටිආරච්චි ප්‍ර‍මුඛ තවත් ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. 14 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ කපිතාන් එම්.එස්.බී රත්නායක විසින් “රණවිරුවන් සහ සමාජ මාධ්‍ය” මැයෙන් සහ 15 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ 2 ලුතිතන් පී.ඩබ්.සි.ඩී පෙරේරා විසින් “සයිබර් ආරක්ෂාව” මැයෙන් ඉදිරිපත් කිරීම සිදු කරන ලදී. තවද මුලතිව් ඉදිරි නඩත්තු පෙදෙස, සේනාංක සහ බල සේනා නියෝජනය කරමින් නිලධාරිහු 50 දෙනෙක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.buy shoes | Air Jordan 5 Raging Bull Toro Bravo 2021 DD0587-600 Release Date - SBD